Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික කනිෂ්ඨ බැඩ්මින්ටන් ශූරතාවලියේ වයස 19 න් පහළ බාලක කේවල ශූරතාව දිනාගැනීමට කොළඹ ආනන්ද විදුහලේ මධුක දුලාංජන සමත් විය. නාවල විදුර විදුහලේ හසාරා විජේරත්න බාලිකා කේවල ශූරතාව දිනාගත්තාය.
කුරුණෑගල බෝයගනේ යුද හමුදා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ පැවැති බාලක කේවල අවසන් මහ තරගයේදී අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ශාමික හසරංග පරාජය කරමින් මධුක දුලාංජන මෙවර ජාතික කනිෂ්ඨ ශූරයා බවට පත් විය.
හසාරා විජේරත්න මේ වසරේ ජාතික කනිෂ්ඨ ශූරිය බවට පත්වූයේ බාලිකා කේවල අවසන් මහ තරගයේදී කොළඹ විශාකා විදුහලේ ලසංගා හෙට්ටිආරච්චි පරාජය කරමිනි.
වයස 19 න් පහළ බාලක යුගළ ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහලේ කසුන් අමරසේන සහ උමුදු ලියනගේ සමත් වූ අතර බාලිකා යුගළ ශූරතාව දිනාගැනීමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ බුත්මි ගලගමගේ සහ නුගේගොඩ අනුලා විදුහලේ නයනතාරා ටෙෂානි සමත් වූහ.
ශ්‍රී ලංකා පාසල් බැඞ්මින්ටන් සංගමය, ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සමග එක්ව 64 වැනි ජාතික බැඞ්මින්ටන් ශූරතාවලියට සමගාමීව මෙම තරගාවලිය සංවිධානය කළේය.
බාලක කනිෂ්ඨ ජාතික ශූරතාව දිනාගත් මධුක දුලාංජන, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් සහතිකපත ලබාගත් අයුරු...
බාලිකා කනිෂ්ඨ ජාතික ශූරතාව දිනාගත් හසාරා විජේරත්න, ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අතින් සහතිකපත ලබාගත් අයුරු...
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.