Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව පෙරේදා (7 වැනිදා) පැවැති 37 වැනි තරගයේදී නියමිත කාළය තුලදී යැවිය යුතු ඕවර සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ලක්නව් සුපර්ජයන්ට්ස් පිලේ නායක ලෝකේෂ් රාහුල්ට ඉන්දීය රුපියල් ලක්ෂ 24 ක දඩයක් නියම විය.
අයි.පී.එල්. තරගාවලියේ ආචාර ධර්මයන්ට අනුව මෙම තරග වාරයේදී ලක්නව් සුපර්ජයන්ට්ස් පිලෙන් වාර්තා දෙවැනි මන්දගාමී ඕවර යැවීම මෙය වූ අතර මින් පෙරද ඉන්දීය රුපියල් ලක්ෂ 12 ක දඩයක් ලෝකේෂ් රාහුල්ට නියම විය.
”ලෝකේෂ් රාහුල්ට නියම වූ ඉන්දීය රුපියල් ලක්ෂ 24ක දඩයට අමතරව, තරගයට ක්‍රීඩා කළ සුපර්ජයන්ට්ස් පිලේ සෙසු ක්‍රීඩකයන්ට ඉන්දීය රුපියල් ලක්ෂ 6 ක් හෝ ඔවුන්ගේ තරඟ ගාස්තුවෙන් සියයට 25ක් හෝ ඒ දෙකෙන් අඩුම දඩයක් නියම කරන ලදී.
මෙම තරගාවලිය තුලදී තවත් මන්දගාමී පන්දු යැවීමක ලක්නව් සුපර්ජයන්ට්ස් පිල නිරත වුවහොත් නායක ලෝකේෂ් රාහුල් තරග තහනමකට ලක්වීමේ අවදානමක පසුවන්නේය.
ලක්නව් සුපර්ජයන්ට්ස් පිල නියෝජනය කරන දුෂ්මන්ත චමීරද මෙම තරගයට ක්‍රීඩා කළ අතර ඔහුටද මෙම දඩු මුදල ගෙවීමට සිදුවනු ඇත. චමීර සිය ඕවර 4 ලකුණු 14 කට සීමා කරමින් හොඳ පන්දු යැවීමක් කළද කඩුල්ලක් දවාගැනීමට අපොහොසත් විය.
මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 36ක පහසු ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර්ජයන්ට්ස් පිල මෙම තරගයේදී සමත්විය. එහිදී ලෝකේෂ් රාහුල්ගේ ශතකයක් ලබාගැනීමට සමත්විය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.