Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
පාසල් කණ්ඩායම් 96 ක් තරග වදින අන්තර් පාසල් මයිලෝ කුසලාන වයස 10 ත් 12 ත් අතර කාණ්ඩයේ බාලක හා බාලිකා පාපන්දු සැණකෙළිය අද (11) පෙරවරු 9 ට කොළඹ රීඩ් මාවත ක්රීඩා සංකීර්ණයේදී පැවැත්වේ
නෙස්ලේ ලංකා සමාගමේ මයිලෝ සන්නාමයේ අනුග්රහයෙන් මෙම ළමා පාපන්දු තරගාවලිය සංවිධානය කෙරේ. මෙම තරගාවලිය සංවිධානය කරන ශ්රී ලංකා පාසල් පාපන්දු සංගමය පවසන්නේ ළාබාල සිසු සිසුවියන් සහභාගි වන බැවින් තරග ස්වරූපයට වඩා ඔවුන්ගේ සහභාගිත්වය දිරි ගැන්වීමේ මූලික බලාපොරොත්තුව පෙරදැරිව සැණකෙළියක ස්වරූපයෙන් මෙම පාපන්දු ඉසව්ව සංවිධානය කරන බවයි.
ඒ අනුව මෙම පාපන්දු සැණකෙළියට සහභාගි වන සියලු කණ්ඩායම්හි සියලුම ක්රීඩක ක්රීඩිකාවන්ට සහභාගිත්වය වෙනුවෙන් සහතික පතක් බැගින් ප්රදානය කෙරේ.
මෙම පාපන්දු සැණකෙළියේ කුසලාන, පළග හා බදුන යන කාණ්ඩ තුනක් යටතේ බාලක හා බාලිකා ශූරතා කුසලාන 18 ක් ප්රදානය කෙරෙන බව ශ්රී ලංකා පාසල් පාපන්දු සංගමයේ ලේකම් නාලක දිසානායක මහතා පවසයි.
ඊට ඉදිරිපත්ව සිටින කණ්ඩායම් යටතේ සිසු සිසුවියෝ 1300 ක් පමණ හෙට පැවැත්වෙන මෙම පාපන්දු සැණකෙළියට එක්වීමට සුදානමින් සිටිති.
එහිදී තරගයක් විනාඩි 15 කට සීමා වන අතර ඒ සදහා රීඩ් මාවත ක්රීඩා සංකිංර්ණයේ එළිමහන් පිටියේ සූදානම් කර තිබෙන තරග පිටි ගණන 10 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.