Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (16) ආරම්භ වූ 34 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් අද (17) පෙරවරු 8.30 සිට පැවැත්වේ. ඒ මීටර 10000 (පිරිමි) - වයස 20න් පහළ ඉසව්වෙනි.
මලල ක්‍රීඩා සියලු ඉසව් වයස 20න් පහළ හා 20න් ඉහළ කාන්තා හා පිරිමි කාණ්ඩ දෙකෙන්ම ලබන ඉරිදා (19) දක්වා තෙදිනක්ම පැවැත්වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කගේ සහභාගිත්වයෙන් මලල ක්‍රීඩා ඉසව් පැවැත්වෙන අතර ඊයේ පස්වරුවේ පැවැති ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිඳු ගුණරත්න, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ.ජී. විජේසිරි, ජනාධිපති යොවුන් කටයුතු අධ්‍යක්ෂ රන්දුල අබේදීර, සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ සභපති විශ්‍රාමික මේජර් ජනරාල් ලාල් චන්ද්‍රසිරි, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී ආර්.එස්. වික්‍රමරත්න යන මහත්වරු සහභාගි වූහ. ජාතික තරුණ සේවා සභාවේ නර්තන කණ්ඩායම් සහභාගි වූ සංස්කෘතික සංදර්ශනයකින් සමාරම්භක උත්සවය විචිත්‍රවත් විය. ක්‍රීඩා උළෙලට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් මෙම දින තුනේදී සූදානම් කර ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) ටී. අනිල් සිරිවර්ධන මහතා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.