Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල කී‍්‍රඩා තරගාවලියට අයැදුම්පත් කැඳවයි

මලල කී‍්‍රඩා තරගාවලියට අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෙම වසරේ මැයි මාසයේ සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියාතික ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම සඳහා ශ්‍රී ලංකා ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමය සංවිධානය කරන තේරීම් තරගාවලියක් පෙබරවාරි මස 27 සහ 28 යන දිනවලදී දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

ඊට සමගාමීව කිලෝ මීටර් 21.0975 ක දුරකින් යුත් අර්ධ මැරතන් තරගයක්ද පැවැත්වෙන අතර එය ජනවාරි 24 වැනිදා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ඒ සඳහා අවුරුදු 35 ත් 55 ත් අතර වයස් කාණ්ඩ වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට සහභාගි විය හැකිය.

අර්ධ මැරතන් තරගය සඳහා සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජනවාරි මස 15 වැනිදාට පෙරත්, මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ජනවාරි මස 31 වැනිදාට පෙරත් සිය අයැදුම් පත් ශ්‍රී ලංකා ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමය වෙත යෙමුකළ යුතුවේ.

0777 901422 හෝ 0714 398269 යන දුරකථන අංක ඔස්සේ ශ්‍රී ලංකා ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ සභාපති එස්. රූපසිංහ මහතා ඇමතීමෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගත හැකිය.


- 036

 


අදහස් (0)

මලල කී‍්‍රඩා තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.