Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල කී‍්‍රඩා ප‍්‍රවීනයන්ගෙන් අයැදුම්පත් කැඳවයි

මලල කී‍්‍රඩා ප‍්‍රවීනයන්ගෙන් අයැදුම්පත් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ සහ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලිය සඳහා දැන් අයැදුම්පත් කැඳවනු ලැබේ. මෙම අයැදුම්පත් එවීමට බලාපොරොත්තු වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඉකුත් වසරේ ප‍්‍රවීනයන්ගේ මලල කී‍්‍රඩා තරගාවලියට සහභාගි වූවන් විය යුතුය.

ඉන්දීය ප‍්‍රවීනයන්ගේ ජාතික මලල කී‍්‍රඩා ශූරතාවලිය පෙබරවාරි මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා තමිල්නාඩු ප‍්‍රාන්තයේ කොයිමබතූර්හි පිහිටි නේරු කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. ඒ සඳහා අයැදුම්පත් බාරගැනීම මේ මස 20 වැනිදායින් අවසන් වේ.

ප‍්‍රවීනයන් සඳහා වන තායිලන්ත විවෘත මලල කී‍්‍රඩා ශූරතාවලිය මාර්තු මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වේ. ඒ සඳහා අයැදුම්පත් බාර ගැනීම මේ මස 15 වැනිදා අවසන් වීමට නියමිතය.  

සියලූම අයැදුම්පත් කි‍්‍රස්ටි මෙන්ඩිස් මහතා, ලේකම්, ‘සාලිය’ ගණේ පාර, රාගම යන ලිපිනයෙන් ලබාගත හැකිය. නැතහොත් 0117-220161 හෝ 0775-818644 යන දුරකතන ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

 


අදහස් (0)

මලල කී‍්‍රඩා ප‍්‍රවීනයන්ගෙන් අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.