Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක ප‍්‍රවීණයන්ගේ මලල කී‍්‍රඩා සංගමයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සිය සංගමය ඉදිරිපත් කළ අයැදුම්පත‍්‍රයට පෙරේදා (10) අනුමැතිය ලැබුණු බව නව ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමය පවසයි.
ඒ සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑල ඔස්සේ ලෝක සංගමය තමන්ට දැනුම්දීමක් කළ බව නව ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
නව සංගමයේ උපදේශන හා විදේශ සබඳතා කටයුතු බාර නිලධාරී පී.එච්.ඞී. වෛද්‍යතිලක මහතාට ලෝක සංගමය මේ බව දැනුම්දී තිබේ.
ශ්‍රී ලංකා ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමයෙන් වෙන්වුණු සාමාජිකයන් පිරිසක් විසින් අලූතෙන් පිහිටුවා ගන්නා ලද නව සංගමයේ සභාපතිවරයා වන්නේ සුනිමල් රූපසිංහ මහතාය. ඔහු ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා සංගමයේ හිටපු භාණ්ඩාගාරිකවරයාද වෙයි.
ලෝක සංගමය සිය සංගමය පිළිගැනීමත් සමඟ ඉදිරියේදී පැවැත්වෙන අන්තර් ජාතික ප‍්‍රවීණයන්ගේ මලල ක‍්‍රීඩා තරගාවලි සඳහා ශ්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉදිරිපත් කිරීමේ නිල හිමිකම තමන්ට හිමිවන බව මලල කී‍්‍රඩා ප‍්‍රවීනයන්ගේ නව සංගමය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.