Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල කී‍්‍රඩා විශේෂ පුහුණු කඳවුරක් ගම්පහදී

මලල කී‍්‍රඩා විශේෂ පුහුණු කඳවුරක් ගම්පහදී

දිලිනි මල්රුක්ෂි - 2014 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඕස්ටේ‍්‍රලියාවේ ජාතික කී‍්‍රඩා වැඩසටහන් මාලාවේ කළමණාකරුවකු මෙන්ම අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනයේ V වැනි තලයේ පුහුණුකරුවකුද වන ජිල් ටේලර් මහතාගේ මෙහෙයවීමෙන් ගම්පහ දිස්ති‍්‍රක්කයේ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් මෙන්ම පුහුණුකරුවන් සඳහා විශේෂ පුහුණු කඳවුරක් සහ වැඩමුළුවක් මේ මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා ගම්පහ ශී‍්‍ර බෝධි කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

පුහුණුකරුවන් සඳහා වන වැඩමුළුව මේ මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා පෙරවරු 8.30 සිට  පැවැත්වේ. 26 වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කුඩා දරුවන් සඳහා ළමා මලල කී‍්‍රඩා වැඩසටහන කි‍්‍රයාත්මක වන අතර 27 වැනිදා පෙරවරු 8.00 සිට පස්වරු 6.30 දක්වා වයස අවුරුදු 15 ට වැඩි ළමුන් සඳහා මලල කී‍්‍රඩා පුහුණු කඳවුර පැවැත්වේ.  

ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව පැවැත්වෙන මෙම පුහුණු කඳවුරට දේශන, පුහුණු සැසි මෙන්ම ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම්ද ඇතුළත් වෙයි. සන්නිවේදනය වඩාත් පහසු කරවීම සඳහා භාෂා පරිවර්තකයකුගේ සේවයද ලබාගැනේ.

ගම්පහ දිස්ති‍්‍රක්කයේ මලල කී‍්‍රඩා පුහුණුකරුවන් සහ මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහාම විවෘත වන මෙම වැඩමුළුවේ සීමිත අවස්ථා ප‍්‍රමාණයක් පමණක් වෙනත් දිස්ති‍්‍රක්කයන්හි පුහුණුකරුවන් සහ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සඳහා විවෘත වේ.

ලියාපදිංචිය සහ වැඩි විස්තර සඳහා 0777-582094 හෝ 033-5622080 යන දුරකතන අංක වලින් ලබාගත හැකිය.

සීමාසහිත විජය පුවත්පත් ආයතනයේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව පැවැත්වෙන මෙම වැඩමුළුව, බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ සහ ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයීය කී‍්‍රඩා අංශයේ අනුදැනුම ඇතිව ගම්පහ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගහය විසින් සංවිධානය කරනු ලබයි.


අදහස් (0)

මලල කී‍්‍රඩා විශේෂ පුහුණු කඳවුරක් ගම්පහදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.