Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලල කී‍්‍රඩා සංගමයෙන් සහයෝගයක් නෑ

මලල කී‍්‍රඩා සංගමයෙන් සහයෝගයක් නෑ

ශනුක අරවින්ද - 2016 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සාග් ක‍්‍රීඩා උළෙල සදහා සහභාගිවන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට විදෙස් පුහුණුව ලබාදීමට තමා මැදිහත් වුවද මලල ක‍්‍රීඩා සංගමයෙන් යහපත් ප‍්‍රතිචාරයක් නොලැබීම නිසා එම අවස්ථාව අහිමිව ගිය බව ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ සදහා මලල ක‍්‍රීඩා සංගමයේ උනන්දුවක් පැවැතියේ නම් මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට තව දස්කම් අතරට ඒමට හැකියාව තිබු බව කොළඹ පදනම් ආයතනයේ අද (26 වැනිදා) පැවැති උත්සවයේදී ඇමැතිවරයා කීය.

”විදේශ රටවලට අප කණ්ඩායම් ගණනාවක් යැව්වා”

”ලංකාවේ සුගතදාස ක‍්‍රීඩාංගණයේ තිබෙන ප‍්‍රශ්ණය නිසා අපට දැන් ස්ථිර ධාවන පථයකට තියෙන්නේ දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණය විතරයි”
”ඒකෙත් අපේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පුහුණුවීම්වල නිරතවන්නේ අපහසුවෙන්. ඉතිං මම යෝජනා කළා මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්වත් පිටරට යවලා වැඩිදුර පුහුණුව ලබාදෙමු කියලා.

ඒකට ප‍්‍රතිචාරය හොඳ වුණේ නෑ. පුහුණුකරුවන්ගේ සහ මලල ක‍්‍රීඩා සංගම් නිලධාරීන්ගේ් ප‍්‍රශ්න තිබුණා. ඒ අයට උවමනාව තිබුණා නම් අපි ඒකත් කරන්න සුදානමින් සිටියේ යැයිද ඇමැතිවරයා පැවසීය.

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (0)

මලල කී‍්‍රඩා සංගමයෙන් සහයෝගයක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.