Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මලිත්ගේ අවසන් තරග අපේක්ෂාත් බිද වැටේ

මලිත්ගේ අවසන් තරග අපේක්ෂාත් බිද වැටේ

editorial - 2024 අගෝ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පේරු ලීමා නුවරදී දැන් පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා (වයස 20 න් පහළ) තරගාවලියේදී මීටර් 200 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව තරග වටයට නිර්දේශ ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක මලිත් කෞෂාන් තමෙල් සමත් වූවත් එහිදී අපේක්ෂිත වේගයට ළගා නොවීමෙන් එහි අවසන් තරගයේ අවස්ථාව ඔහුගෙන් ගිළිහුණි.

එහිදී මූලික සිවුවැනි තරගයේදී තත්පර 21.23 කට දෙවැනි ස්ථානයට පත් වෙමින් අවසන් පූර්ව තරගයට පහසුවෙන් තේරුණු මලිත් එහිදී පළ කළේ තත්පර 21.93 ක දක්ෂතාවකි. තෙවැනි අවසන් පූර්ව තරගයේ ඔහුගේ ධාවනය අට වැනි (අවසන්) ස්ථානය දක්වා ඔහු පහතට හෙළීය.

මලිත් කදාන ද මැසිනොද් විදුහලේ සිසුවෙකි.මෙම ඉසව්වට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩක ඉදුසර විදුෂාන් රාජමුණි අට වැනි මූලික තරගයට එක් වෙමින් තත්පර 21.56 කට හය වැනි ස්ථානයට පත්වීම අවසන් පූර්ව වටයට පිවිසීමට ඔහුට ප්‍රමාණවත් නොවීය.

මේ අතර මීටර් 110 - කඩුලු ඉසව්වට සහභාගිවූ ශ්‍රී ලංකා ක්‍රීඩක සදුන් කෝසල විජයලත් ඉසව්වේ ඔහුගේ මෙතෙක් හොදම නිමි කාලය වන තත්පර 14.04 ක කාලයක් වාර්තා කරමින් මූලික වටයේ හත් වැනි තරගයේ පස් වැනි ස්ථානයට පත්වීම එහි අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රමාණවත් නොවීය. මෙම තරග ඉසව් ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (30) රාත්‍රීයේදී පැවැත්විණි.


අදහස් (0)

මලිත්ගේ අවසන් තරග අපේක්ෂාත් බිද වැටේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.