Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මව්බිමට වීරයෝ 18 දෙනෙක් සොයන්න රිට්ස්බරි අනුග්‍රහය

මව්බිමට වීරයෝ 18 දෙනෙක් සොයන්න රිට්ස්බරි අනුග්‍රහය

රොෂාන් ගුණරත්න - 2021 මාර් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අනාගතයේදී ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබාගනිමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබාදීම සඳහා මෙරට තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් ඔප් නැංවීම වෙනුවෙන්  රිට්ස්බරි මව්බිමට වීරයෙක් වැඩසටහන සී.බී.එල් ෆුඩ්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් කොළඹ ටාජ් සමුද්‍ර හෝටල් පරිශ්‍රයේදී පසුගියදා හදුන්වාදෙන ලදී. මෙම වැඩසටහනෙහි මුල් අදියර වශයෙන්, තෝරාගත් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකුට මුදල්මය දායකත්වයක් ලබා දෙනු ලැබීය.

තෝරාගත් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනා සඳහා මසකට රුපියල් 25,000 බැගින් සහ නැඟීඑන කණිෂ්ඨ මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 14 දෙනෙකු සඳහා රුපියල් 5,000 බැගින් ශිෂ්‍යත්ව දීමනාවක් සී.බී.එල් ෆුඩ්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් පිරිනමනු ඇත. ඊට අමතරව ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනාගේ පුහුණුකරුවන් සඳහාද මසකට රුපියල් 10,000 ක දීමනාවක් ගෙවනු ඇත.

මෙමගින් වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ මව්රටට වැඩි වැඩියෙන් ජයග්‍රහණයන් දායාද කිරීම සඳහා සිය දස්කම් ඔප් නංවා ගනිමින් ජාත්‍යන්තර තරඟ සිහිනද සැබෑවක් බවට පත් කිරීමට මහත් රුකුලක් වනු ඇත.

වසර 15කට වැඩි කාලයක් තිස්සේ ක්‍රීඩාව සමග සිටි සී.බී.එල්. සමාගම මලල ක්‍රීඩා, ස්කොෂ්, පිහිනුම්, රග්බි සහ ටෙනිස් ඇතුළු ක්‍රීඩා රැසක් සඳහා අනුග්‍රහයෙන් දායකත්වය දී තිබේ. පාසල් මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පුරා වසර 10 කට වැඩි කාලයක් ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා ශුරතාවලියට පූර්ණ අනුග්‍රහය දැක්වූයේද රිට්ස්බරි වෙතිනි.

සී.බී.එල් ෆුඩ්ස් ඉන්ටර්නැෂනල් සමාගමෙහි ජේෂ්ඨ සන්නාම කළමනාකරු අරුණ ලියනපතිරණ, අලෙවි සාමාන්‍යාධිකාරී නිලුපුල් ද සිල්වා, ප්‍රධාන විධායක/අධ්‍යක්ෂ සමිත පෙරේරා, සමූහ අධ්‍යක්ෂ රසිත් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මහලේකම් ප්‍රේමා පින්නවල, මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති විමලසේන පෙරේරා, මලල ක්‍රීඩා තේරීම් කමිටු සාමාජිකා ඉනේකා කුරේ, ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමයේ සභාපති උපාලි අමරතුංග ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාව සඳහා සහභාගී වූහ.


තෝරාගත් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්
සුමේධ රණසිංහ, විනෝජ් සුරංජය ද සිල්වා, අරුණ දර්ශන, අමිල ජයසිරි, හිමාෂ ඒෂාන්, කුපුන් කුෂාන්ත, රොෂාන් ධම්මික, සේනිරු අමරසිංහ, නිමාලි ලියනාරච්චි, ෂෙලින්ඩා ජෙන්සන්, නදීෂා රාමනායක, දිල්ෂි කුමාරසිංහ, ආමාෂා ද සිල්වා, ලක්ෂිකා සුගන්ධි, නිලානී රත්නායක, ඉඳුනිල් හේරත්, ග්‍රේෂාන් ධනංජය, විදුෂා ලක්ෂානි.

 

- 2079


අදහස් (0)

මව්බිමට වීරයෝ 18 දෙනෙක් සොයන්න රිට්ස්බරි අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.