Last Update  :  2024-12-22 20:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහින්ද- - ශා.ජෝසප් - සෙබස්තියන් අ.පූ. වටයට

මහින්ද- - ශා.ජෝසප් - සෙබස්තියන් අ.පූ. වටයට

සංජය එරමුදුගොඩ - 2018 අගෝ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අද (29 වැනිදා) සමත්විය.

අර්ධ අවසන් පූර්ව වටයේ තරග 3 ක් කොළඹ ශාන්ත පීතර, ගල්කිස්ස සාන්ත තෝමස් සහ කොළඹ රාජකීය යන විදුහල් ක්‍රීඩාංගණ වලදී පැවැත්වුණි.

මහනුවර ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව කඩුලු 10 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයත්, කොළඹ රාජකීය විද්‍යාලයට එරෙහිව ලකුණු 128 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයත්, වත්තල ශාන්ත අන්තෝනී විද්‍යාලයට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයත් ඊයේ තරග වලදී සමත්වූහ.

කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැති ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරගයේ ලකුණු සමවිය. මෙහිදි තරග නිතී සහ රෙගුලාසි වලට අනුව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරගය නැවත පැවැත්වීමට පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර තිබේ.

ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දුනිත් ජයතුංග (නොදැවී 103) ශතකයක්ද මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතාන (නොදැවී 50) සහ ශාන්ත ජෝසප් විද්‍යාලයේ යෙසිත් රූපසිංහ (61) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.

නාලන්ද විද්‍යාලයේ ලක්ෂාන් මායාදුන්නේ සහ සාන්ත තෝමස් විද්‍යාලයේ රංදීව් ගුණසේකර ලකුණු 13 කට කඩුලු 4 ක් බැගින් දවාගනිමින් මෙහිදි පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ශාන්ත ජෝසප් විද්‍යාලයේ දුනිත් වෙල්ලාලගෙ (67) අර්ධ ශතකයක් සහ ලකුණු 25 කට කඩුලු 5 ක් දවාගනිමින් තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීමට සමත්විය.


මහින්ද විද්‍යලයට කඩුලු 10 ක ජයක්
ශා.අන්තෝනී විද්‍යාලය - ඕවර 34.3 කදී සියලුදෙනා දැවී 88
(කවීශ මල්ලියවඩු 29/3, චේතිය ගුණසේකර 04/2, සුබානූ රාජපක්ෂ 15/2)

මහින්ද විද්‍යාලය - ඕවර 8 කදී කිසිවකු නොදැවී 91
(නවෝද් පරණවිතාන නොදැවී 50, කෞෂික සංකෙත් නොදැවී 35)


ශා.ජෝසප් විද්‍යාලයට ලකුණු 128 ක ජයක්
ශා.ජෝසප් විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 247
(ජොහාන් ද සිල්වා 31, යෙසිත් රූපසිංහ 61, දුනිත් වෙල්ලාලගේ 67, කවිඳු පතිරත්නේ 44/2)

රාජකීය විද්‍යාලය - ඕවර 39 කදී සියලුදෙනා දැවී 119
(කමිල් මිශාර 34, අහන් වික්‍රමසිංහ 28, කවිඳු පතිරත්නේ 28, දුනිත් වෙල්ලාලගේ 25/5, ලක්ෂාන් ගමගේ 10/2, මිරංග වික්‍රමගේ 14/2)


ශා.සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 9 ක ජයක්
ශා.අන්තෝනී විද්‍යාලය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 207
(රොමේෂ් සුරංග 38, අවිශ්ක තරිඳු 33, අබ්දුල් රහුමාන් 21, කවීශ දුලාංජන 28, තදුල ද සිල්වා 24/3, සසික පෙරේරා 39/2, ජනිෂ්ක පෙරේරා 48/2)

ශා.සෙබස්තියන් විද්‍යාලය - ඕවර 44.3 කදී කඩුල්ලක් දැවී 210
(සවිඳු රොඞ්රිගූ 43, දුනිත් ජයතුංග නොදැවී 103, සුකිත ප්‍රසන්න නොදැවී 43)


සා.තෝමස් - නාලන්ද තරගයේ ලකුණු සමවෙයි
සා.තෝමස් විද්‍යාලය - ඕවර 33.3 කදී සියලුදෙනා දැවී 113
(කිෂාන් මුණසිංහ 20, මොහොමඞ් ඉසාක් 21, ලක්ෂාන් මායාදුන්නේ 13/4, ජයෝද් කල්දේරා 01/2, ජතේෂ් වාසල 26/2)

නාලන්ද විද්‍යාලය - ඕවර 50 කදී සියලුදෙනා දැවී 113
(මෝක්ෂ සහන් 29, රංදීව් ගුණසේකර 13/4)

 


අදහස් (0)

මහින්ද- - ශා.ජෝසප් - සෙබස්තියන් අ.පූ. වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.