Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලය ඊයේ (8 වැනිදා) සමත්විය.
ගාල්ල මහින්ද විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගයකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට මහින්ද විද්‍යාලය සමත්විය.
කුෂාන් මදූෂ කඩුලු 4 ක් සහ කවීෂ මල්ලියවඩු කඩුලු 3 ක් දවාගනිමින් මහින්ද විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ධර්මරාජ විද්‍යාලය - ඕවර 41.4 කදී සියලුදෙනා දැවී ලකුණු 113
(දුලාජ් බණ්ඩාර 53, කුෂාන් මදූෂ 16/4, කවීෂ මල්ලියවඩු 32/3)
මහින්ද විද්‍යාලය - ඕවර 22.5 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 117
(දනුජ ඉඳුවර 37, හර්ෂික වැලිහිඳ නොදැවී 30, කෞෂිත කොඩිතුවක්කු 22)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.