Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන 2022 අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ සිවුවැනි සතිය යටතේ යුද හමුදාව සහ මහනුවර ක්‍රීඩා සමාජය අතර ඉරිදා (13 වැනිදා) පස්වරු 4.15 සිට හැව්ලොක් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබූ තරගය කොවිඩ් වයිරසයේ බලපෑම හේතුවෙන් කල්දමා තිබේ.
යුද හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක් කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබීම එම තරගය කල් දැමීමට හේතු වී තිබේ. එබැවින් එම තරගය මාර්තු මස 12 වැනිදා දක්වා කල් දැමීමට සංවිධායකයෝ පියවර ගෙන ඇත.
යුද හමුදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කොවිඩ් ආසාදිකත බවට තහවුරු වීම හේතුවෙන් තෙවැනි සතියේදී යුද හමුදාව සහ පොලිසිය අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගයද කල් දැමීමට සංවිධායකයන්ට සිදුවිය. එම තරගය මාර්තු මස 19 වැනිදා පොලිස් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
සිවුවැනි සතියේ තරගවලදී නාවික හමුදාවට එරෙහිව සී.ආර්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය හෙට (11 වැනිදා) පස්වරු 4.15 ට වැලිසරදීද, පොලිසියට එරෙහිව ගුවන් හමුදාව අනිද්දා (12 වැනිදා) පස්වරු 4.15 ට පොලිස් පිටියේදීද තරග වැදීමට නියමිතය. සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය අතර තරගය අනිද්දා පස්වරු 6.30 සිට හැව්ලොක් පිටියේදී පැවැත්වෙනු ඇත.
මේ දක්වා පැවැති තරගවලදී ජයග්‍රහණ 3 බැගින් ලබා අපරාජිතව සිටින මහනුවර ක්‍රීඩා සමාජය (ලකුණු 18) සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය (ලකුණු 17) පිළිවෙලින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගෙන සිටිති. මෙම සතියේදී මහනුවර කණ්ඩායමට තරගයක් නොමැති බැවින් හැව්ලොක් කණ්ඩායමට ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට අනගි අවස්ථාවක් තිබේ.
මෙම සති අන්තයේ තරග
හෙට (11 වැනිදා) - නාවික හමුදාව සහ සී.ආර්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර වැලිසරදී - පස්වරු 4.15 ට
අනිද්දා (12 වැනිදා) - පොලිසිය සහ ගුවන් හමුදාව අතර පොලිස් පිටියේදී - පස්වරු 4.15 ට
ඉරිදා (13 වැනිදා) - හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ සී.එච්. සහ එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර හැව්ලොක් පිටියේදී - පස්වරු 6.30 ට
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.