Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තරගාවලිය ආරම්භයේදීම දේශීය රග්බි පිටියේ තම ආධිපත්‍යයයේ බල මහිමය ප්‍රතිවාදී කණ්ඩායම්වලට කදිමට දැනෙන්නට සැලැසූ මහනුවර ක්‍රීඩා සමාජය 2016 අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ සහභාගි වූ පළමු තරගයෙන් සී.එච්. ඇන්ඞ් එෆ්.සී. කණ්ඩායමට අමතක නොවන පරාජයක් උරුමකර දුන්නේය. මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී සත්කාරකයන් ලකුණු 96-0 ක දැවැන්ත ජයක් සී. එච්. පිලට උරුම කර දුන්නේ උත්සාහක දිනුම් වරුසාවකින් ප්‍රතිවාදී පිල තෙමා දමමිනි.
තරගය පුරා මහනුවර ක්‍රීඩකයන් ගෝල් 13ක් සහ උත්සාහක දිනුමක් රැස් කිරිමට සමත්වූයේ සී.ආර්.පිල එහෙම පිටින්ම බිමට ඇද දමමිනි.
නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී පැවැති මේ තරගයේ ආරම්භයේ සිටම දස්කම් මුවහත් කරගත් වත්මන් ලීග් ශූරයන් වන මහනුවර පිල වෙනුවෙන් නායක රොෂාන් වීරරත්න තැබූ අනගි උත්සාහක දිනුමකින් ලකුණු ලබාගැනීම ආරම්භ කෙරිණ. අර්ෂාඞ් ජමාල්ඩීන් එය ගෝලයක් බවට පත් කිරීමෙන් ලකුණු 7-0 කින් මහනුවර පිල ඉදිරියටගියේය.
අනතුරුව රිචඞ් ධර්මපාල තැබූ තවත් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ජමාල්ඩීන් ලකුණු සංඛ්‍යාව 14-0 කින් ඉහළට ඔසවා තැබුවේ සී.එච්. පිලේ ක්‍රීඩකයන්ට පරාජයේ පෙරනිමිති කල්තියාම දැකගැනීමට ඉඩ සලසමිනි. ඊට මොහොතකට පසුව ධනුෂ්ක රන්ජන් තැබූ උත්සාහක දිනුමත්, තමා විසින්ම ඊට මිනිත්තු කිහිපයකට පසුව තැබූ උත්සාහක දිනුමත් දෙකම ගෝල බවට පත් කිරීමට ජමාල්ඩීන් සමත්වූයේ මහනුවර ක්‍රීඩා සමාජය ලකුණු 28-0 කින් ඉදිරියට ගෙන යමිනි.
ධනුෂ්ක තැබූ ඔහුගේ දෙවැනි උත්සාහක දිනුමෙන් තරගයේ පස්වැනි දිනුම වාර්තා කිරීමට මහනුවර ක්‍රීඩකයන් සමත්වූ අතර එය ගෝලයක් බවට පත්කිරීමේ අවස්ථාව ජමාල්ඩින් වෙතින් ගිලිහී ගියේය. කෙසේවුවත් ඊට මිනිත්තු 6 කට පසුව ධනුෂ්ක රන්ජන් සිය උත්සාහක දිනුම් ත්‍රිත්වය වාර්තා කිරීමට සමත්වූ අතර එය නිවැරැදි ඉලක්කයට එල්ල කිරීමට ජමාල්ඩීන් සමත්විය. තරගයේ පළමු මිනිත්තු 30 ඇතුළත අටවැනි උත්සාහක දිනුමත් තැබීමට මහනුවර පිල සමත්වූයේ ෂශික ජයවර්ධනගේ දායකත්වයෙනි.
පළමු භාගය නිමාවට පත්වූයේ ලකුණු 54-0 කින් මහනුවර පිල ඉහළට ඔසවා තබමිනි.
ප්‍රතිවාදී බලකොටුවේ රිසි සේ සිය අණසක පතුරුවා හළ මහනුවර ක්‍රීඩකයන්ගේ උත්සාහක දිනුම් මල්ල දෙවැනි භාගයේ ආරම්භයේදීම ධනුෂ්ක රන්ජන් තැබූ ඔහුගේ සිවුවැනි උත්සාහක දිනුමත් සමග තවත් බර වී ගියේය.
පළමු භාගයේ දී උත්සාහක දිනුම් 7 ක්ම ගෝල බවට පත් කරමින් කාර්ය බහුල වූ ජමාල්ඩින්ට මඳ විවේකයක් දුන් තිළිණ විරසිංහ එය ගෝලයක් බවට පත් කළේ ලකුණු සංඛ්‍යාව 61-0 කින් ඉදිරියට ගෙන යමිනි. ඊළඟ මොහොතේ තරිඳු චතුරංගගේ උත්සාහක දිනුමක් විරසිංහගේ අනගි පා පහරින් ගෝලයක් බවට පත්වූ අතර ඊට මොහොතකට පසුව රිචඞ් ධර්මපාලගේ දෙවැනි උත්සාහක දිනුමත් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට තිළිණ විරසිංහ සමත්විය.
ඒ වෙද්දී ඉතා දරුණු අන්දමින් පීඩනයට පත්ව සිටි සී.එච්. පිලේ ක්‍රීඩකයන්ගෙන් සිදුවූ නිතිවිරෝධි ක්‍රීඩා රටාව මැද දඬුවම් උත්සාහක දිනුමක් මහනුවර පිලට ලැබුණු අතර කාංචන රාමනායකගේ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ ජමාල්ඩීන් සිය කණ්ඩයාමේ ලකුණු සංඛ්‍යාව තවත් ඉහළට ඔසවා තැබුවේය.
තරගයේ අවසන් මිනිත්තු 5 දිත් සිය ජවය එලෙසම රඳවා තබාගත් මහනුවර කණ්ඩායම යාකුබ් අලී තැබූ අනගි උත්සාහක දිනුමක් ජමාල්ඩීන් විසින් ගෝලයක් බවට පත් කරනු ලැබීමෙන් තරගය නිමාවට පත්වූයේ කිසිදු ලකුණක් ලබාගත නොහැකිව ඉතා වෙහෙසකාරී අන්දමින් පිටියේ එහා මෙහා දිවූ සී.එච්. පිලේ ක්‍රීඩකයන් තවත් හෙම්බත් කර දමමිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.