Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවර පිල 13 වැනි ජය ලබයි

මහනුවර පිල 13 වැනි ජය ලබයි

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ හයවැනි සතිය යටතේ වැලිසර නාවික හමුදා පිටියේදී අද (20) පැවැති තරගයේදී මහනුවර ක‍්‍රීඩකයෝ ලකුණු 19-8 කින් නාවික හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.

මහනුවර පිල මෙවර තරගාවලියේ පිට පිටම ලැබූ 13 වැනි ජය මෙය වන අතර මහනුවර ක‍්‍රීඩා සමාජය මේ වන විට අපරාජිතව ලීග් ශූරතාවට ආසන්න වී සිටියි.
 
මෙහිදී ජයග‍්‍රාහි මහනුවර ක‍්‍රීඩකයෝ ගෝල 2 කින් සහ උත්සාහක දිනුමකින් ලකුණු එකතු කර ගත්හ. නාවික හමුදා පිලට උත්සාහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.

මහනුවර පිල තරගය ආරම්භයේ සිට අක‍්‍රමණශීලි ක‍්‍රීඩා විලාශයක් අනුගමනය කරමින් පළමු අර්ධය ලකුණු 19-3 ක් ලෙස පෙරමුණ ගනිමින් අවසන් කළේය.

මහනුවර පිල දෙවැනි අර්ධයේදී කනිෂ්ඨ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමේ ක‍්‍රමවේදයක් අනුමගමනය කිරීම හේතුවෙන් කිසිඳු ලකුණක් රැස් කිරීමට නොහැකි විය.

 


අදහස් (0)

මහනුවර පිල 13 වැනි ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.