Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
උත්සාහක දිනුම් 4කින් තරගය වර්ණවත් කළ වත්මන් ලීග් ශූර මහනුවර ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ සී.ආර්.ඇන්ඞ් එෆ්.සී.ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගය ලකුණු 24-12කින් ජයගනිමින් සිය අපරාජිතබව තවදුරටත් රැකගැනීමට සමත්විය. සී.ආර්.පිටියේ ඊයේ පස්වරුවේ පැවැති මේ තරගයේ දෙවැනි භාගයේදී ඇද හැලෙන්නට පටන් ගත් වර්ෂාවත්, ප්‍රතිවාදීන්ගේ අභියෝගයක් දෙකම රතුබැනියම්කාරයන් පීඩාවට පත් කර දැමුවේය.
තරගයේ 12 වැනි මිනිත්තුවේදී අනුරුද්ධ විල්වර තැබූ විශිෂ්ට උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ නයිජල් රත්වත්ත මහනුවර පිල ලකුණු 7-0කින් ඉදිරියට ගෙන යාමට සමත්විය. කවිඳු ද කොස්තා තරගයේ 28 වැනි මිනිත්තුවේදී උත්සාහක දිනුමක් තැබීමට සමත්වූවත් තරින්ද රත්වත්ත එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරිමට අසමත්වීමෙන් ලකුණු 7-5කින් පෙරමුණ රැකගත්තේ මහනුවර පිලය.
අනතුරුව 38 වැනි මිනිත්තුවේදී ධනුෂ්ක රන්ජන් පිරිනැමූ පන්දුව රැගෙන රතුබැනියම්කාරයන්ගේ ආරක්ෂක වළල්ල බිඳ දමා ඉදිරියට දිව ගිය ජේසන් දිසානායක කදිම උත්සාහක දිනුමකින් මහනුවර පිල වර්ණවත් කළේය. එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමට නයිජල් රත්වත්ත අසමත්වූවත් ලකුණු 12-5කින් ඉදිරියට ගිය මහනුවර පිල පෙරමුණ ගනිමින් තරගයේ පළමුභාගය නිමාකර ගත්තේය.
දෙවැනි භාගය ආරම්භයේදීම ඇද හැලෙන්නට පටන් ගත් මහ වැසි මැද ඊට මිනිත්තු දෙකකට පසුව කදිම උත්සාහක දිනුමක් තැබීමට බුවනෙක උඩංගමුව සමත්විය. රෝලිං මෝල් අවස්ථාවකින් ඵල නෙලාගත් බුවනෙකගේ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ නයිජල් රත්වත්ත මහනුවර පිල ලකුණු 19-5කින් ඉහළට ඔසවා තැබුවේය.
අනතුරුව 60 වැනි මිනිත්තුවේදී ධනුෂ්ක රන්ජන් තැබූ දර්ශනීය උත්සාහක දිනුමකින් ලකුණු සංඛ්‍යාව 24 දක්වා ඉහළ දමාගැනීමට මහනුවර පිලට හැකිවිය. ගයාන් වීරරත්න ප්‍රතිවාදී සීමා ඉර දෙසට එල්ල කළ පන්දුව හඹා ගිය ධනුෂ්ක පන්දුවට පැන වැසි දිය සමග ඉදිරියට ලිස්සා යමින් තැබූ මේ උත්සාහක දිනුම ප්‍රවර්ථනය කිරීමට නයිජල් රත්වත්ත අසමත්විය.
ඊට මිනිත්තු අටකට පසුව මහනුවර පිලේ ක්‍රීඩකයන්ගේ නීතිවිරෝධී ක්‍රීඩා රටාව මැද සී.ආර්.පිලට පැනල්ටි ට්‍රයි දිනුමක් ලබාදීමට තරග තීරකවරයා කටයුතු කළේය. එහෙත් ඉතිරි කාලය පුරා තරගයේ ජයග්‍රහණය තම අතේ තබාගත් මහනුවර පිල රතුබැනියම්කාරයන්ට හිස එසැවීමට ඉඩ දුන්නේම නැත.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.