Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග එක්දින තරගාවලියේ 8 වැනි තරගය ලෙස දඹුල්ල කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් වාර්තා කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 183 ක ඉලක්කයක් හඹාගිය මහනුවර ක්‍රීඩකයෝ ඕවර 38 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 67 කින් ලකුණු 45 ක්ද, කවින් බණ්ඩාර පන්දු 53 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 48 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමට ඕවර 43.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි. දඹුල්ල ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ගයාන් වීරසිංහ පන්දු 39 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 30 ක් රැස්කළේය. චාමික කරුණාරත්න ලකුණු 32 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
දඹුල්ල පිල - ඕවර 43.2 කදී සියලු දෙනා දැවී 182
(පුලිඳු පෙරේරා 22, ගයාන් වීරසිංහ 30, අංජල බණ්ඩාර 19, චමිඳු විජේසිංහ 25, රවිඳු ප්‍රනාන්දු 18, දිනුර අබේවික්‍රමසිංහ 27, දුෂාන් හේමන්ත 21, චාමික කරුණාරත්න 32/3, සහන් ආරච්චිගේ 24/2, නිපුන් රංසික 28/2, ලසිත් කෲස්පුල්ලේ 28/2)
මහනුවර පිල - ඕවර 38 කදී කඩුලු 7 ක් දැවී 187
(සිතාර ගිම්හාන් 45, පැතුම් කුමාර 28, කවින් බණ්ඩාර 48, රවිඳු රත්නායක 16, නිමේෂ් විමුක්ති 20/2, ලක්ෂාන් සඳකැන් 34/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.