Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදාව නිත්තවෙල බලකොටුවට ගෙන්වා ගත් මහනුවර ක්‍රීඩා සමාජය ඔවුන්ට ලකුණු 58-13 කින් සංග්‍රහ කරමින් මෙවර අන්තර් සමාජ පළමුපෙළ ඩයලොග් ලීග් රග්බි තරගාවලියේ මෙතෙක් කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට සමත්විය.
උත්සාහක දිනුම් 9 ක්ම තැබූ කන්ද උඩරට ක්‍රීඩකයෝ ඉන් 5 ක්ම ගෝල බවට ප්‍රවර්ථනය කරගත්හ. තමන්ට හැම අතින්ම හුරුපුරුදු නිත්තවෙල ක්‍රීඩාංගණයේ නිදහසේ දුව පනිමින් යුද හමුදා පිල සෙල්ලමකට ගත් අනුරුද්ධ විල්වර හා ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් ත්‍රිත්වය බැගින් තැබීමට සමත්වූහ.
තරගයකට මෙන් මේ දෙදෙනා උත්සාහක දිනුම් තැබීමට පටන් ගත්තේ තරගයේ ආරම්භයේදීම ලද දඬුවම් පහරක් සාර්ථක කරගත් ගයාන් සාලින්ද යුද හමුදා පිල ලකුණු 3-0 කින් ඉදිරියට ගෙන යද්දීය. ඉන් විල්වරගේ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරිමට තිළිණ විජේසිංහ සමත්වූවත් අනික සාර්ථක නොවීය. ලකුණු 12-3 කින් පෙරමුණ ගත් මහනුවර පිල හමුවේ ලද තවත් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට ගයාන් සාලින්ද සමත්වෙද්දී ලකුණු සංඛ්‍යාව දිස්වූයේ 6-12 ක් ලෙසිනි.
අනතුරුව සිය දෙවැනි උත්සාහක දිනුම තැබූ විල්වර මහනුවර පිල ලකුණු 17-6 කින් ඉහළට ඔසවා තැබූ අතර එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමේ අවස්ථාව තිළිණගෙන් ගිලිහී ගියේය. ඊට මොහොතකට පසුව ශ්‍රීනාත් සුරියබණ්ඩාර තැබූ අනගි උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ මහනුවර පිලේ ලකුණු සංඛ්‍යාව 24-6 කින් ඉදිරියට ගෙන යාමට තිළිණ විජේසිංහට හැකිවිය.
ධනුෂ්ක රන්ජන් සිය දෙවැනි උත්සාහක දිනුම තැබුවේ පළමු භාගය නිමාවීමට පෙරය. ඊට පෙර රිචඞ් ධර්මපාල කණ්ඩායමේ උත්සාහක දිනුම් සංඛ්‍යාව 5 දක්වා ඉහළ දැමූ අතර පළමු භාගය නිමාවෙද්දී මහනුවර පිල ලකුණු 34-6 කින් ඉදිරියට ගොස් සිටියේය.
දෙවැනි භාගයේදී නැවතත් දෙදෙනා අතර උත්සාහක දිනුම් පොරය ආරම්භ විය. විල්වර තැබූ ඔහුගේ තුන්වැනි උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්ථනය කළ තිළිණ මහනුවර පිල ලකුණු 41-6 කින් ඉහළට ඔසවා තබද්දී ධනුෂ්ක රන්ජන් ද ඔහුගේ තුන්වැනි උත්සාහක දිනුම තැබීමට සමත්විය. කාර්ය බහුල ක්‍රීඩකයා බවට පත්වූ තිළිණ විජේසිංහ එයත් ගෝලයක් බවට ප්‍රවර්ථනය කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 48-6 කින් ඉහළ දැමුවේය.
ඉන් මොහොතකට පසුව මහනුවර පිලේ දිමිත්‍රි විජේතුංග සහ තරිඳු චතුරංග නීතිවිරෝධි ක්‍රීඩා රටාව නිසා කහ කාඞ් පතින් දඬුවම් ලබා පිටියෙන් ඉවත්වූයේ එකටම වගේය. ලැබූ අවස්ථාවෙන් කදිම ඵල නෙලාගත් යුද හමුදා පිල ක්‍රීඩකයන් 13 දක්වා අඩුවූ සත්කාරකයන්ගේ සීමාවට පැනිමට පළමුවතාවට සමත්විය.
යුද හමුදා පිලේ නායක තුසිත සේනානායක තැබූ එම උත්සාහක දිනුම ගෝලයක් බවට පත්කළ ගයාන් සාලින්ද යුද හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 13 දක්වා ඉහළ දමා පොඩි අස්වැසිල්ලක් ලබා දුන්නේය.
මහනුවර පිල ලකුණු 50 පසුකළේ නයිජල් රත්වත්ත සාර්ථක කරගත් දඬුවම් පහරක් මගිනි. ජේසන් දිසානායක මහනුවර පිලේ 9 වැනි උත්සාහක දිනුම තැබූ අතර නයිජල් රත්වත්ත එය ගෝලයක් බවට පත් කරමින් ජයග්‍රහණය තහවුරු කළේ තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායම බවට පත්වූ සිය කණ්ඩායම ඉහළට ඔසවා තබමිනි.
- 077
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.