Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් ක්‍රීඩා සමාජ ‘ඩයලොග් කුසලාන’ රග්බි තරගාවලියේ අද (4 වැනිදා) පැවති තරගයකදී ප්‍රබල මහනුවර කණ්ඩායම පරදවා ලකුණු 37-32 ක ජයක් අත්කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.
මෙවර තරග වාරයේදී මහනුවර කණ්ඩායම ලද දෙවැනි පරාජය මෙය වන අතර මින් පෙර ඔවුන් ගුවන් හමුදා කණ්ඩායම හමුවේද පරාජයට පත් විය.
වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී නාවික හමුදා කණ්ඩායම ගෝල දිනුම් 4 ක් සහ දඬුවම් පහර 3 ක් මගින් ලකුණු ලබාගත් අතර මහනුවර කණ්ඩායම ගෝල දිනුම් 3 කින්, උත්හාහක දිනුමකින් සහ දඬුවම් පරහර 2 කින් ලකුණු ලබාගත්තේය.
තරගයේ පළමු අර්ධය නිමාවන විටද ලකුණු 24-22 ක් ලෙස නාවික හමුදා කණ්ඩායම පෙරමුණ ගෙන සිටියේය.
තරගයේ වීරයා ලෙස නාවික හමුදා කණ්ඩායමේ සුපුන් පීරිස් සම්මාන දිනාගත්තේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.