Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහනුවරට පහසු ජයක්

මහනුවරට පහසු ජයක්

editorial - 2022 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

කන්ද උඩරටට රග්බි වසන්තය උදා කරමින් නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවති මහනුවර ක්‍රීඩා සමාජ පිලත් යුධ හමුදා ක්‍රීඩා සමාජ පිලත් අතර තරගයෙන් ලකුණු 46 -  08 ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රබල මහනුවර පිල සමත්විය .

ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 31-08 ඉදිරියෙන් සිටි ප්‍රබල මහනුවර පිල ගෝල දිනුම් 04ක් සහ උත්සාහක දිනුම් 04ක් මගින් ලකුණු රැස් කළ අතරයුධ හමුදා පිල උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළේය .

මෙවැනි රග්බි තරගයකදී නිත්තවල ක්‍රීඩා පිටියට මහනුවර ආධාරකරුවන් දස දහස් ගණනින් එකතු වුවද මෙවර එවැනි ප්‍රේක්ෂක එකතුවක් දැකීමට නොමැති වීම විශේෂ සිදුවීමක් විය .

සාමාන්‍යයෙන් යුදහමුදා ක්‍රීඩකයන්ගෙන් දැකිය හැකි ප්‍රවේගකාරී ක්‍රීඩා විලාශය මෙම තරඟයේදීදක්නට නොලැබුණ අතර දෙපිලේම ක්‍රීඩකයන් ඉතා ආරක්ෂාකාරී ක්‍රීඩා විලාශයක යෙදෙන අයුරු දක්නට ලැබුණි .

ජයග්‍රාහිමහනුවර ක්‍රීඩා සමාජ පෙළ වෙනුවෙන්දමිත්දිසානායක උත්සාහක දිනුම දිනුම් දෙකක් දහේෂාන් කල්හාර ද සිල්වා උත්සාහක දිනුම් දෙකක්ද ෂානුක අභයවික්‍රම, සාරංග වීරසිංහ , ලසන්ත අත්තනගොඩ , නයිජල් රත්වත්ත එක් උත්සාහක දිනුම බැගින්ද වාර්තා කළ අතර තරින්ද රත්වත්තේ උත්සාහක දිනුම් හතරක් ගෝල දිනුම් බවට පත් කළේය.

යුද හමුදා පිල වෙනුවෙන් රසික අභයනායක එක් උත්සාහක දිනුමක් වාර්තා කළ අතරමංජුලවීරසිංහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය .රවින් ඇලෙක්සැන්ඩර් මහතා තරග විනිසුරු වශයෙන් කටයුතු කළේය .


අදහස් (1)

මහනුවරට පහසු ජයක්
  • M.I.M JAFEER Sunday, 11 December 2022 10:16 PM

    නියමයි කැන්ඩි... ඉදිරියටම යමු

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.