Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහසභා රැස්වීම 19 දා සිට කොළඹදී

මහසභා රැස්වීම 19 දා සිට කොළඹදී

editorial - 2024 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීම මේ මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ අයි.ටී.සී. රත්නදීප හෝටලයේදී පැවැත්වෙයි. දශක ගණනාවක් තිස්සේ, ජූලි මාසයේදී, එංගලන්තයේ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවත්වෙන මෙම වාර්ෂික මහ සභා රැස්වීම, ආසියානු කලාපයේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. 

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ දිශානතිය සහ පරිපාලනය මෙන්ම එය ලෝකය පුරා ප්‍රවර්ධනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගනු ලබන්නේ මෙම වාර්ෂික මහ සභා රැස්වීමේදීය. “ඔලිම්පික් යන්න ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමු” යන්න මෙවර මහ සභා රැස්වීමේ තේමාවයි. වර්ෂ 2028 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කර ඇත්තේ ශත වර්ෂයකට පමණ පසුවය.  

ලෝකයේ මහාද්වීප පහම ආවරණය වන පරිදි, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජික රටවල් 108 කින් නියෝජිතයෝ 220 ක් මෙවර මහ සභා රැස්වීමට පැමිණෙති. 

‘විවිධත්වය සහ අන්තර්ග්‍රහණය’ මෙන්ම ‘ක්‍රීඩාව හා පාරිසරික ස්ථිරසාරභාවය’ සහ ‘ලොස් ඇන්ජලිස් නුවරදී කෙරෙන ජයග්‍රාහී පුනරාගමනය’ යන මාතෘකා මෙවර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීමේදී සාකච්ඡාවට ලක්වනු ඇත. 

“මේක ශ්‍රී ලංකාවට ලැබෙන සුවිශේෂී අවස්ථාවක්. ලෝකයේ සෑම දිසාවකින්ම අපගේ සුන්දර දිවයිනට පැමිණෙන නියෝජිතයන්ව අපි උණුසුම් හදවතින් පිළිගන්නවා”

“අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් මෙන්ම අපේ රටේ සුන්දරත්වය සහ උරුමය ලොවට ප්‍රදර්ශනය කිරීමටත් මෙම සමුළුව යොදා ගැනීමට අපි අදහස් කරනවා” යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා පැවසීය.

- 213


අදහස් (0)

මහසභා රැස්වීම 19 දා සිට කොළඹදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.