Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහානාම විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

මහානාම විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

editorial - 2019 දෙසැ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ තර්ස්ටන් විදුහල සහ කොළඹ මහානාම විදුහල අතර දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහානාම විදුහල සමත් විය.

එහිදී මහානාම විදුහලේ පවන් රත්නායක (108) ශතකයක් ලබාගත් අතර තර්ස්ටන් විදුහලේ ජයවිහන් මහාවිතාරණ (82), බවන්ත ජයසිංහ (65) සහ ධනංජය සිල්වා (52) අර්ධ ශතක ලබාගත්හ.


තර්ස්ටන් විදුහල් පළමු ඉනිම - ඕවර 82.2 කදී සියලු දෙනා දැවී 253
(ජයවිහන් මහාවිතාරණ 82, බවන්ත ජයසිංහ 65, ධනංජය සිල්වා 52, පුන්තිල කුමාර 26, නිසල් ආකාෂ් 57/3, පවන්ත වීරසිංහ 33/2, දිනිත් කැකිරිදෙණිය 47/2)

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 72 කදී කඩුලු 5 ක් දැවී 267
(පවන් රත්නායක 108, දිලීෂ තුඩුවගේ නොදැවී 38, පවන්ත වීරසිංහ 43, විනුක රූබසිංහ 43, යොහාන් ලියනගේ 55/2)


-036

 


අදහස් (0)

මහානාම විදුහල පළමු ඉනිමේ ජයක් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.