Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දඟ පන්දු යවනනන් වන කේෂව් මහාරාජ් (32/7) සහ සයිමන් හාමර් (21/3) දෙදෙනා එක්ව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 220 ක දැවැන්ත ජයක් කරා කැඳවාගෙන ගියහ.
ඉරිදා සන්ධ්‍යාවේ පැවැති මන්දාලෝකය හේතුවෙන් නව පන්දුවෙන් පන්දු යැවීම ආරම්භ කළ මහාරාජ් සහ හාමර් දෙදෙනාවම අද උදයේදීත් පන්දු යැවීමට යොදාගත් දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගා සාර්ථක ප්‍රතිඵල ලබාගත්තේය. බංග්ලාදේශ දෙවැනි ඉනිමේදී විවේකයකින් තොරවම පන්දු යැවූයේ මහාරාජ් සහ හාමර් දෙදෙනා පමණි.
තරගය ජයගැනීම සඳහා ලකුණු 274 ක ඉලක්කයක් කරා ගිය බංග්ලාදේශ කණ්ඩායම, අවසන් දිනය වූ අද (04 වැනිදා) ලකුණු 53 කට දැවී ගියේය. එය බංග්ලාදේශ කණ්ඩායමක් දකුණු අප්‍රිකාව හමුවේ දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි.
තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (ඉරිදා) පැවැති මන්දාලෝකය හේතුවෙන් තරගය නතර කරන විටත් මහාරාජ් සහ හාමර් එක්ව ලකුණු 11 කට බංග්ලාදේශයේ කඩුලු 3 ක් බිම දමා තිබිණ. අද තරගය ආරම්භ වීමෙන් පසුව යැවුණු පළමු ඕවරයේදීම පළපුරුදු පිතිකරුවකු වන මුෂ්ෆිකුර් රහීම් දැවී ගියේය. එතැන් සිට ඉතිරි කඩුලු 7 ම ලකුණු 42 ක් ඇතුළතදී බිඳ වැටිණ.
අද පෙරවරුවේදී මහරාජ් ඕවර 3 කින් කඩුලු 3 ක් දවාගත් අතර යන්තමින් හෝ ප්‍රතිරෝධයක් දැක්වූයේ පන්දු 52 කින් ලකුණු 26 ක් ලබාගත නජ්මුල් හොසේන් පමණි.
තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගය 8 වැනිදා පෝර්ට් එළිසබෙත් නුවරදී ආරම්භ වීමට නියමිතය. බංග්ලාදේශ කණ්ඩායමේ මීළඟ ටෙස්ට් තරගාවලිය ශ්‍රී ලංකාවට එරෙහිව බංග්ලාදේශයේදී පැවැත්වෙයි.
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 367 යි
බංග්ලාදේශය - පළමු ඉනිම 298 යි
දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම 204 යි
(ඩීන් එල්ගා 64, කීගන් පීටර්සන් 36, රයාන් රික්ල්ටන් නොදැවී 39, මෙහෙදි හසන් මිරාස් 85/3, එබාදත් හොසේන් 40/3, ටස්කින් අහමඩ් 24/2)
බංග්ලාදේශය - දෙවැනි ඉනිම 53 යි
(නජ්මුල් හොසේන් 26, ටස්කින් අහමඩ් 14, කේෂව් මහාරාජ් 32/7, සයිමන් හාමර් 21/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.