Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය අතර 9 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික පැසිපන්දු තරගය හෙට (2 වැනිදා) පස්වරු 3.00 සිට ශාන්ත ඇලෝසියස් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
මෙවර තරගයේදී ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාල කණ්ඩායම හේෂාන් දිනුක විසින් මෙහෙයවනු ලබන අතර ගාල්ල මහින්ද විද්‍යාලය ළසිඳු දිදුලංගගේ නායකත්වය යටතේ තරග බිමට පිවිසෙනු ඇත.
දෙවිදුහල් අතර මේ දක්වා තරග 8 ක් පවත්වා ඇති අතර ඉන් තරග 7 ක් ජයගෙන ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ඉදිරියෙන් සිටියි. පසුගිය වසරේ (2018) ගාල්ල මහින්ද විද්‍යාලයේ සත්කාරකත්වය ඇතිව පැවැති 8 වැනි තරගයේ ජයග්‍රහණය පමණක් මහින්ද විද්‍යාලය සතු විය.
මෙම තරගයට සමගාමීව පස්වරු 1.00 ට දෙවිදුහල්වල වයස අවුරුදු 15 න් පහළ කණ්ඩායම් දෙක අතර තරගයක් පැවැත්වෙන අතර පස්වරු 2.00 ට ආදි ශිෂ්‍ය තරගයක්ද පැවැත්වේ.
මහින්ද විද්‍යාලයීය පැසිපන්දු සංචිතය |
ශාන්ත ඇලෝසියස් විද්‍යාලයීය පැසිපන්දු සංචිතය |
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.