Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල මලියදේව විදුහල සහ ගාල්ල මහින්ද විදුහල අතර කුරුණෑගල මලියදේව විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට මහින්ද විදුහල සමත් විය.
එහිදී මහින්ද විදුහලේ සදෙව් ඉඳුවර (62) සහ සුභානු රාජපක්ෂ (58) අර්ධ ශතක ලබාගත් අතර එම විදුහලේම කුෂාන් මධූෂ ලකුණු 73 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
මලියදේව විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 139
(ගයන වීරසිංහ 39, ජයමින් මුතුකුමාරණ නොදැවී 38, කුෂාන් මධූෂ 32/4, චේතිය ගුණසේකර 36/2)
මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 75.2 කදී සියලු දෙනා දැවී 225
(සදෙව් ඉඳුවර 62, සුභානු රාජපක්ෂ 58, ඔසිඳු කාවින්ද්‍ය 32, සිතිර හේලිත 31, සකිඳු විජේරත්න 59/5)
මලියදේව විදුහල් දෙවෙනි ඉනිම - ඕවර 63.3 කදී සියලු දෙනා දැවී 145
(මුදිත ප්‍රේමදාස 79, කුෂාන් මධූෂ 41/4, සුභානු රාජපක්ෂ 53/3, චේතිය ගුණසේකර 14/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.