Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහේල - සංගා කුසලාන තරගය හෙට-අනිද්දා

මහේල - සංගා කුසලාන තරගය හෙට-අනිද්දා

editorial - 2022 අප්‍රේ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ නාලන්දා විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික ක්‍රිකට් තරගය හෙට සහ අනිද්දා (25 -26) නාලන්දා විද්‍යාලයීය පිටියේදී පැවැත්වෙයි. 43 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගයේ ජයග්‍රාහකයන්ට මහේල - සංගා අභියෝග කුසලාන පිරිනැමේ.

“ක්‍රිකට් ක්‍රීඩාවේ ආත්මය අනාගතයේ උරුමයට” යන තේමාව යටතේ කොළඹ නාලන්දා විද්‍යාලයේ 88 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සභාපතිවරයා වූ ජානක පෙරියප්පෙරුම මහතාගේ මූලිකත්වයෙන් වසර 2018 සිට මෙම තරගයේ ජයග්‍රාහකයන්ට මහේල - සංගා අභියෝග කුසලාන පිරිනැමීමට පියවර ගැනිණ.

2018 දී පැවැති පළමු තරගයේදී ත්‍රිත්ව විදුහල ලකුණු 47 කින් ජයගත් අතර දෙවැනි තරගයේදීත් ත්‍රිත්ව ක්‍රීඩකයෝ ඉනිමකින් ජයගත්හ.

නාලන්දා විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර ක්‍රිකට් තරග ආරම්භ වූයේ 1978 වසරේදීය. එතැන් සිට එය විදුහල් දෙකේම ක්‍රිකට් දින දර්ශනයේ නිතැතින්ම තිබූ තරගයක් විය.

නාලන්දා විද්‍යාලයෙන් සහ ත්‍රිත්ව විද්‍යාලයෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයන් දෙදෙනකු වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර දෙදෙනාම ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් වලට නායකත්වය දුන්හ. දෙදෙනාම (මහේල - 2007 දී සහ සංගක්කාර - 2011 දී) ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන අවසන් තරගය දක්වා කැඳවාගෙන ගිය අතර දෙදෙනාම ටෙස්ට් තරග වලදී ලකුණු 11,000 ක් සහ එක්දින ලකුණු 12,000 ක් ඉක්මවා ලබාගත්හ.


- 213

 


අදහස් (0)

මහේල - සංගා කුසලාන තරගය හෙට-අනිද්දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.