Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මහේල ජනශක්ති හා එක්වෙයි

මහේල ජනශක්ති හා එක්වෙයි

editorial - 2021 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා ජනශක්ති රක්ෂණ සමාගමේ පළමු පෙළ ලැයිස්තුගත සමාගමක ආසනයක් පිළිගෙන තිබේ.

‘ක්‍රිකට් ක්‍රීඩාවේ පුරාවෘත්තයක් බඳු මහේලව ජනශක්ති රක්ෂණ සමාගමට පිළිගැනීමට ලැබීම සතුටට කරුණක්. එවන් නමක් හිමි ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඔහුගේ දිගුකාලීන නායකත්වය මෙන්ම  ව්‍යවසායකයකු ලෙස ඔහුගේ කළමනාකරණ විශේෂඥතාව ජනශක්ති රක්ෂණ සමාගමට වැඩි වටිනාකමක් එකතු කරනු ඇත“ යයි ජනශක්ති සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.

මහේල ජයවර්ධන මහතා කොළඹ, මුම්බායි, මැනිලා, මාලේ සහ ෂැංහයි යන නගර වල ප්‍රමුඛ පෙළේ  ආපනශාලා සමුහයක නිර්මාතෘවරයකු මෙන්ම ඒවායේ ඒකාබද්ධ සභාපතිවරයකු ලෙස කටයුතු කරයි. මෙම ආපනශාලාවල අළෙවිකරනුයේ මුහුදු ආහාරය.  දේපල වෙළදාම්, කෘෂිකාර්මික මෙන්ම සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ තවත් සමාගම් කිහිපයක අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයකු ලෙස ද මහේල ජයවර්ධන මහතා පෙනී සිටි.

- 8535


අදහස් (0)

මහේල ජනශක්ති හා එක්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.