Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා බටහිර ඉන්දීය දූපත් කරා ගොස් සිටින ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමගින් එක්වීමට ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන මහතා මේ මස 9 වැනිදා බටහිර ඉන්දීය දූපත් කරා යෑමට නියමිතය.
ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම්වල පුහුණු උපදේශක ලෙස හිටපු නායක මහේල ජයවර්ධන මහතා පසුගිය වසරේ දී පත් කෙරුණු අතර, ඔහුගේ වසරක ධූර කාලය මේ මස පළමු වැනිදා සිට ආරම්භ වෙයි.
මේ මස 14 වැනිදා ආරම්භ වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාලියට සහභාගී වීම සදහා ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම මේ වන විටත් බටහිර ඉන්දීය දූපත් කරා ගොස් සිටී.
යොවුන් ආසියානු කුසලාන තරගාවලියේදී ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය වූ ශී‍්‍ර ලංකා යොවුන් පිලට එහි අනුශූරතාවට හිමිකම් කීවේය. තරගාවලිය අවසන්වීමෙන් පසුව එක්සත් අරාබී එමීර් රාජ්‍යයේම රැඳී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා බටහිර ඉන්දීය දූපත් කරා ගියේය.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.