Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මාතර කොටවිල ඉදිවූ ක්‍රීඩා අමාත්‍යංශයට අයත් ක්‍රීඩා සංකීර්ණය ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමයට පවරා දී තිබේ. ඒ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට ක්‍රීඩා අමාත්‍යාංශය හා ජිම්නාස්ටික් සංගමය වෙනුවෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය හා ජිම්නාස්ටික් සංගමයේ ලේකම් ආර්. ඒ. කේ. ජීවන්ත යන මහත්වරු අත්සන් තැබූහ.
වසර 30 ක කාලයක් සඳහා කෙරෙන මෙම පැවැරීමේදී කොටවිල ක්‍රීඩා සංකීර්ණය ආසියානු කලාපීය ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානය ලෙස සංවර්ධනය කෙරේ.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව බාරයේ පවතින ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගණ ඇතුළු යටිතල පහසුකම් රැසක් රටේ ක්‍රීඩාවේ ප්‍රගමනය සඳහා ජාතික ක්‍රීඩා සංගම් භාරයට පත් කරන බව මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර ඇත. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ක්‍රියාදාමය අඛණ්ඩව සිදුකෙරෙන බව එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
ගිවිසුමට පසුගියදා රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අත්සන් තැබිණ.
එම අවස්ථාවට ජිම්නාස්ටික් සංගමයේ සභාපති කෝකිල නිමේෂ්, ජාතික ජිම්නාස්ටික් පුහුණුකරු රංජන තරංග, ලේකම් උදාර එස්. ලියන්විල හා ජිම්නාස්ටික් පුහුණුකරු ඇන්ටනී ඩයස් යන මහත්වරුද සහභාගි වූහ.
එහිදීම ඩකා නුවරදී නොබෝදා පැවැති මධ්‍යම ආසියානු ජිම්නාස්ටික් ශූරතා තරගාවලියේදී කනිෂ්ඨ කේවල (බාලක) රිදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක නදිල නෙත්විරු ඇගයීමට ලක් කිරීමද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.
-223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.