Last Update  :  2025-03-31 13:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින්

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින්

editorial - 2025 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතර පොල්හේනේ ඉදි කිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හා ක්‍රිකට් පුහුණු පාසලේ එම ඉදිකිරීම් ව්‍යාපෘතිය ඉදිරි මාසයක් ඇතුළතදී ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස කර්මාන්ත  හා වයවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ඊයේ (13) මාතරදී පැවැති සාකච්ඡාවකදී අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ  කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවට ක්‍රීඩාංගණය ඉදි කෙරෙන ඉඩමේ භාරකාරත්වය දරන අමරපුර ධර්මරක්ෂිත නිකායේ මහ නායක තිරිකුණාමලයේ ආනන්ද නාහිමි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා, එහි භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය පුහුණුකරු සනත් ජයසූරිය,මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගිවී සිටියහ.

මෙම සාකාච්ඡාවේදීම තීරණය වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වෙන් කර තිබෙන බැවින් මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ අබලන් ක්‍රීඩාගාරයේ අලුත්වැඩියා කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කළ යුතු බවයි.

පොල්හේන ජාත්‍යන්තර  ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය ඉදිකිරීමේදී ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළුව රාජ්‍ය ආයතන ගණනාවක්ද එහි හවුල්කරුවෝ ලෙස කටයුතු කරති.


අදහස් (0)

මාතර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිකිරීම් කඩිනමින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.