Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාතික වුෂූ විනිසුරුවරයකු මෙන්ම තරග තීරකවරයකුද වන මානෙල් ධර්මකීර්ති මහතා 31 වැනි අග්නිදිග ආසියානු ක්‍රීඩා උළෙලේ වුෂූ අභියාචනා මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස තෝරාගනු ලැබ සිටී. මෙම ක්‍රීඩා උළෙල මැයි 12 සිට 16 දක්වා වියට්නාමයේ හැනෝයි නුවරදී පැවැත්වේ .
වර්ෂ 2001 සිට ඒ ශ්‍රේණියේ අන්තර්ජාතික වූෂු විනිසුරුවරයකු ලෙස බලපත්‍ර ලබා ඇති ධර්මකීර්ති මහතා ලෝකයේ සිටින විශිෂ්ඨ ශ්‍රේණියේ වූෂු විනිසුරු වරයෙකි. 2008 බීජිං ඔලිම්පික් උළෙලේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ දකුණු ආසියානු කලාපයේ එකම විනිසුරුවරයාද ඔහුය.
එමෙන්ම වර්ෂ 2006 2010,2014 හා 2018 පැවැති ආසියා ක්‍රීඩා උළෙල සියල්ලේම විනිසුරුවරයෙකු ලෙස හා අභියාචනා මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ඔහු කටයුතු කර තිබේ.
වර්ෂ 2010 ගුවැන්ජෝ නගරයේ පැවැති ආසියානු වූෂු සමුළුවේදී එහි තාක්ෂණික කමිටුවට ද ධර්මකීර්ති මහතා තෝරා පත් කර ගත් අතර මේ දක්වාම ඔහු එහි ජේෂ්ඨ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි. ලෝක වුෂූ ශුරතා තරග රැසකදී ද නිල ලෝක සන්ඳා කුසලාන තරඟ රැසකදී ආරාධිත විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබේ.
මෙවර සැප්තැම්බර් මස චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ අභියාචනා මණ්ඩල සාමාජිකයෙකු ලෙස ද ඔහුව දැනටමත් තෝරා ගෙන තිබේ. ශ්‍රී ලංකෙව් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ධර්මකීර්ති මහතා එහි උසස් දක්ෂතා පිළිබඳ කමිටුව සඳහා සාමාජිකයෙකු ලෙස පත්කර තිබේ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.