Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු මාලන් සැමුවෙල්ස් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ. බටහිර ඉන්දීය කොදෙව් පිල ජයගත් විස්සයි20 ලෝක කුසලාන තරගාවලි දෙකෙහිදීම ඉහළ ලකුණු ලබාගනිමින් අවසන් තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් සැමුවෙල්ස් අවසන් වරට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේ 2018 දෙසැම්බර් මාසයේදීය.
සැමුවෙල්ස් ක්‍රිකට් පිටියට පිවිසි මුල් යුගයේදී ඔහු ශ්‍රීමත් විවියන් රිචඩ්ස් වැනි පිතිකරුවකු වනු ඇතැයි බොහෝ දෙනා අනාවැකි පළකළ නමුත් ක්‍රිකට් ලෝලීන්ගේ අපේක්ෂා සපුරාලීමට මෙම දකුණත් පිතිකරුවා අසමත් වීය.
සිය විශ්‍රාම ගැනීම පිළිබඳව සැමුවෙල්ස් මේ වසරේ ජුනි මාසයේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරී ජොනී ග්‍රේව් මහතා තහවුරු කළේය. කොදෙව් පිතිකරු ලැයිස්තුවේ ප්‍රධාන පිතිකරුවකුවූ සැමුවෙල්ස් මෑතකදී ක්‍රිඩකයන්ට එරෙහිව කරන ලද චෝදනා සම්බන්ධව විවිධාකාර ප්‍රවෘත්ති පළ විය.
ඕස්ට්‍රේලියාවේ හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක ෂේන් වෝන් පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සැමුවෙල්ස්ට චෝදනා කළේ තමන් සහ එංගලන්තයේ බෙන් ස්ටෝක්ස් සම්බන්ධයෙන් සැමුවෙල්ස් දක්වා තිබූ අපහාසාත්මක අදහස් දැක්වීමකට එරෙහිවය. ස්ටොක්ස් සහ වෝන් යන දෙදෙනාටම නින්දා සහගත ලෙස පරිභව කර ඇති සැමුවෙල්ස් ඔහුගේ සමේ පැහැය ගැනද පුරසාරම් දෙඩුවේය. සැමුවෙල්ස්ගේ අදහස් දැක්වීමට ස්ටොක්ස්ගේ බිරිඳ ද සම්බන්ධ කර ඇති අතර එය සමාජ මාධ්‍ය තුළ දැඩි කතා බහකට ලක්විය.
2012 දී ශ්‍රී ලංකාවේදී පැවැති විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී අජන්ත මෙන්ඩිස් සහ ලසිත් මාලිංග ඇතුළු ප්‍රමුඛ පෙළේ පන්දු යවන්නන්ට පහර දෙමින් කොදෙව් පිලට ජයග්‍රහණය ලබාදීමට ඔහු සමත්විය.
ශතක 17 ක් ඇතුළුව ජාත්‍යන්තර ලකුණු 11,134 ක් රැස් කළ සැමුවෙල්ස් කඩුලු 152 ක් දවාගැනීමටද සමත්විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී පූනේ වොරියර්ස් සහ දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම්ද, ශ්‍රී ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලියේදී බිග් බෑෂ් ලීගයේදී මෙල්බර්න් රෙනෙගේඞ්ස් ඇතුළු විවිධ විස්සයි20 කණ්ඩායම් ඔහුගේ වෘත්තීය දිවියේදී නියෝජනය කර ඇත.
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.