Last Update  :  2025-02-05 14:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැක්ස්වෙල්ට ක්‍රීඩා ඇමැතිගෙන් තහනමක්

මැක්ස්වෙල්ට ක්‍රීඩා ඇමැතිගෙන් තහනමක්

editorial - 2025 ජන මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එම ධූරයේ කටයුතු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරමින්  ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර මහතා ඊයේ (10) නිවේදනයක් නිකුත් කළේය.

ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එරෙහිව ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක  නොකිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතාගේ නියමය පරිදි සිල්වා මහතාට එරෙහිව මෙම තහනම ප්‍රකාශයට පත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් මැක්ස්වෙල් ද සිල්වා මහතා සිකුරාදා (10) රාත්‍රීයේදී ‘ලංකාදීප’යට පැවසුවේ ක්‍රීඩා  ඇමැතිවරයාට කිසිසේත්ම අයිතියක් නැති ක්‍රියාවකට ඔහු මෙහිදී  මැදිහත්වී තිබෙන බවත් සිය තහනමටට එරෙහිව වහාම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයාට එරෙහිව අධිකරණයේ නඩු පවරන බවත්ය. මෙය අන්තර්ජාතික ඔලිම්පික් ක්‍රීඩා  නීතිය උල්ලංඝණය කිරීමක් වන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.


අදහස් (0)

මැක්ස්වෙල්ට ක්‍රීඩා ඇමැතිගෙන් තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.