Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැක්සි උසාවි යයි

මැක්සි උසාවි යයි

editorial - 2025 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනවාරී 10 වැනිදා සිට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් තමන්ට එරෙහිව පනවා තිබෙන තහනමට එරෙහිව මැක්ස්වෙල් ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර තිබේ. එය පෙබරවාරි 14 වැනිදා විභාගයට ගැනීම ආරම්භ වීමට නියමිතය.

 ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අරුණ බන්ඩාර,ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව, එහි ආචාර ධර්ම කමිටුව හා රජයේ නිතිපතිවරයා ඇතුළු තවත් පාර්ශව කීපයක් වග උත්තරකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබේ.‍ෙ

තමන්ට එරෙහිව ක්‍රීඩා අමාත්‍යාංශය ජනවාරී10 වැනිදා සිට පනවා තිබෙන තහනම නීතියට පටහැණි බැවින් එම තහනම අත් හිටුවීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා මැක්ස්වෙල් ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ මෙම නඩුව පවරා තිබේ.

මේ අතර ඔහුගේ තහනමෙන් පසුව පළමු වරට පෙරේදා (5) රැස්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ විධායක සභාව උප ලේකම් චන්දන ලියනගේ මහතා කමිටුවේ වැඩබලන ලේකම්වරයා ලෙස පත් කර ගැනීමට අනුමැතිය ලබා දුන්නේය.ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා පැවැති එම විධායක සභාවේ රැස්වීම වඩාත් සාමකාමී මුහුණුවරකින් අවසන් වූ බවද වාර්තාවේ.

 කමිටුවේ මහ ලේකම්වරයා සම්බන්ධයෙන් මේ වන විට පැන නැගී තිබෙන ගැටළුව අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ හාා ආසියානු ඔලිම්පික් සභාවේ උපදෙස් ලබා ගනිමින් විසදා ගත යුතු බවට එහිදී විධායක සභාව එකගතාවයකට පැමිණ තිබේ.

 ඒ අනුව විධායක සභාව යෝජනා කර ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ ආචාර ධර්ම කමිටුව විසින් හිටපු මහ ලේකම්වරයාට එරෙහිව ලබාදී තිබෙන බව කියන වාර්තාව සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කළ යුතු බවයි.

 ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම්වරයා සම්බන්ධයෙන් ඉහත පැන නැගී තිබෙන ගැටළුව විසදා ගන්නා තුරු දින 90 ක කාලයක් සදහා ධූරයේ කටයුතු වලින් ඔහුව ඈත්ව සිටින ලෙස මේ අතර අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් පසුගිය ජනවාරි 14 වැනිදා දාතමින් ශ්‍රී ලංකාවට යොමු කරන ලද ලිපියක දක්වා තිබුණි.

කෙසේවූවත් ලබන මාර්තු 31 වැනිදා ට පෙර ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය පවත්වා අවසන් කිරීමට පැවැති එහි විශේෂ මහ සභා රැස්වීමේදී වැඩි ඡන්දයෙන් යෝජනා සම්මත වූවත් එය ලබන දෙසැම්බර් මාසය දක්වා අත් හිටුවීම සුදුසු බවට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ජනවාරි 15 වැනිදා දාතමින් ශ්‍රී ලංකාවට යොමු කළ එම ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර තිබුණි.

මැක්ස්වෙල් ද සිල්වා මහතා වසර 2009 සිට අඛන්ඩව මේ දක්වා ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් ධූරය හොබවයි.


අදහස් (0)

මැක්සි උසාවි යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.