Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
කොළඹ රාජකීය තුරඟ තරග සමාජය සංවිධානය කරන මැජික් මිලියන් කුසලාන තුරඟ තරගාවලිය මෙම මස 3 වැනිදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්වීමට නියමිතය. විජය පුවත්පත් සමාගමේ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය තරග 5 කින් සමන්විත වේ.
තරගාවලියේ ප්‍රධානතම තරගය වන මැජික් මිලියන් කුසලාන තරගයේදී ප්‍රේක්ෂකයන්ට වෙස්ටන් වින්ඩ්, අල්කසබා, ස්පිරිටඩ් ටච්, මෙහෙරාන්, අනදර් ඒස්, සන්තෝෂ්, පරුෂ්රාම් සහ චාල්ටන් වැනි අසුන් අතර ඉතා තියුණු තරගයක් දැක බලාගත හැකිය.
මැජික් මිලියන් කුසලාන තරගය පළමු කාණ්ඩයේ අසුන් සඳහා පමණක් වෙන්වූ මීටර් 1600 ක දුරකින් සමන්විත තරගයක් ලෙස පැවැත්වේ. මෙම තරගාවලියේදී දෙවැනි, තෙවැනි, සිවුවැනි සහ පස්වැනි කාණ්ඩ සඳහා තවත් තරග 4 ක් පැවැත්වෙන අතර එම තරගවලදී තවත් අසුන් 30 ක් පමණ තරග වැදීමට නියමිතය.
මෙම තරගාවලියට පෙර මාර්තු මාසයේදී පැවැති ‘ස්ප්‍රිං ඇන්ඩ් සමර්’ තරගාවලිය සඳහා ප්‍රධානම තුරඟුන් දෙදෙනකු වන වෙස්ටන් වින්ඩ් සහ අල්කසබා සෞඛ්‍ය හේතූන් මත සහභාගි නොකිරීමට ඔවුන්ගේ හිමිකරුවෝ පියවර ගත්හ. එම තරගාවලියේ පළමු කාණ්ඩයේ තරගය ජය ගැනීමට හසංග ජයරත්න මහතා හිමිකාරීත්වය දරන අනදර් ඒස් අසු සමත් විය.
මැජික් මිලියන් කුසලාන තරගාවලියෙන් අනතුරුව අප්‍රේල් මස 15 වැනිදා ආණ්ඬුකාර කුසලාන තරගාවලියද, අප්‍රේල් මස 23 වැනිදා යුද හමුදාපති කුසලාන තරගාවලියද සංවිධානය කිරීමට කිරීම සඳහා රාජකීය තුරඟ තරග සමාජය කටයුතු සූදානම් කරමින් සිටියි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.