Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැතිව් ප‍්‍රයර් අත්ආවරණ අතහරී

මැතිව් ප‍්‍රයර් අත්ආවරණ අතහරී

ශනුක අරවින්ද - 2014 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත ටෙස්ට් කි‍්‍රකට් කණ්ඩායමේ නිත්‍ය කඩුලූ රකින්නා වන මැතිව් ප‍්‍රයර්, ඉන්දියාව සමග පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරග 3 න් ඉවත්වීමට තීරණය කර තිබේ. ඊට හේතු වී ඇත්තේ ඔහුගේ බත්කෙණ්ඩ හා සම්බන්ධ බල නහරය සැත්කමකට භාජනය කිරීමට සිදුවී තිබීමයි.

මෙවන් තත්ත්වයකට මුහුණ පා සිටියද කී‍්‍රඩාවෙන් සමුගැනීමට තමන්ගේ අදහසක් නොමැති බවත්, තමන් මෙලෙස කණ්ඩායමෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමග තමන්ට නැවතත් කණ්ඩායමේ ස්ථානයක් ලැබීමට ඇති ඉඩකඩ අඩු බවත් ටෙස්ට් තරග 79 කට සහභාගී වී සිටින 32 හැවිරිදි ප‍්‍රයර් ප‍්‍රකාශ කර සිටියේය.

”මෙය මට හුගක් අසීරු තීරණයක් වුණා, නමුත් මම දන්නවා මම දිගින් දිගටම කණ්ඩායමේ හිටියොක් ඒකෙන් මටවත් මගේ කණ්ඩායමටවත් සාධාරණයක් ඉටුවෙන්නේ නෑ කියලා”

”මම හැම වෙලාවෙම කියපු දෙයක් තමයි කණ්ඩායම වෙනුවෙන් මට මගේ රාජකාරිය කරන්න පුලූවන් කාලයක් මම මගේ වේදනාව දරාගෙන කී‍්‍රඩා කරනවා කියන එක. නමුත් මේ ආබාධ තත්ත්වය නිසා දැන් මම බලාපොරොත්තු වන ආකාරයට කණ්ඩායම වෙනුවෙන් මගේ රාජකාරිය ඉටුවෙන්නේ නැති බව මම කිව යුතුයි”

”මම මේ තීරණය ගත්තේ කණ්ඩායමේ යහපත ගැන හිතලා. ඒ නිසා මම ඔවුන්ට සුබපතනවා”

”යම් හෙයකින් මට නැවත කී‍්‍රඩා කරන්න නොහැකි වූවොත් ඒ ගැන මම හුගක් කණගාටුවට පත්වෙයි. නමුත් මට පුළුවන් අතීතයේදී මම මගේ රට වෙනුවෙන් කරලා තියෙන දේවල් ගැන හිතලා සතුටු වෙන්න”

එංගලන්තය වෙනුවෙන් තමන් සහභාගී වූ පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස්කළ පළමු කඩුලූ රකින්නා වන මැතිව් ප‍්‍රයර් කියා සිටියේය.

ඉන්දියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගය පරාජය වීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී නායක ඇලිස්ටෙයාර් කුක්ගෙන් මැතිව් ප‍්‍රයර් පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ ඔහු මෙසේ කියා සිටියේය.

”ඒ ගැන කිව හැක්කේ ප‍්‍රයර්ට පමණයි. සැත්කමෙන් අනතුරුව ඔහුට නැවත කී‍්‍රඩා කරන්න පුළුවන් වුනොතින් මම හිතනවා නැවතත් ඔහුට කණ්ඩායමට ඇතුළත් වෙන්න අවස්ථාවක් ලැබෙයි කියලා. මොකද එංගලන්තයේ ඉන්න හොඳම කඩුලූ රකින පිතිකරු ඔහු කියලයි මම හිතන්නේ”

මැතිව් ප‍්‍රයර්ගේ හිඩැස පිරවීම සඳහා එංගලන්ත එක්දින කණ්ඩායමේ නිත්‍ය කඩුලූ රකින්නා ලෙස කී‍්‍රඩා කරන ජොස් බට්ලර්, ඉන්දියාව සමග පැවැත්වෙන ඉතිරි ටෙස්ට් තරග 3 සඳහා කණ්ඩායමට කැඳවනු ඇති බවට වාර්තා වී තිබේ. දෙරට අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගය ලබන ඉරිදා හැම්ප්ශෙයර්හිදී ආරම්භ වීමට නියමිතය.
 
-036

 


අදහස් (0)

මැතිව් ප‍්‍රයර් අත්ආවරණ අතහරී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.