Last Update  :  2025-03-16 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මැදිහත්වීම් කළේ ක්‍රීඩා පනතට අනුවයි

මැදිහත්වීම් කළේ ක්‍රීඩා පනතට අනුවයි

editorial - 2023 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩුබායි නුවරදී ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි මහතා මුණගැසුණු අයුරු

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා රග්බි සංගමය පසුගිය වසර ගණනාවක්ම රග්බි ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු නොකිරීම ඊට ක්‍රීඩා අමාත්‍යාංශයේ මැදිහත්වීම්වලට හේතු වූ බව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා ඩුබායි නුවරදී ආසියානු රග්බි සම්මේලනයේ සභාපති කයිස් අල් දලායි මහතා මුණගැසෙමින් ප්‍රකාශ කර සිටියේය.

එහිදී රග්බි සංගමය ශ්‍රී ලංකාවේ මූලික නීති කඩ කිරීම් ගණනාවක් කරමින් කළ හැසිරීම තුළ ක්‍රීඩා පනතේ වගන්ති ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍යාංශයේ එම මැදිහත් කිරීම් සිදුකළ බවත් ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේය.

ඩුබායි නුවර පිහිටි ආසියානු රග්බි සම්මේලන මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (19) ඇමැති රොෂාන් රණසිංහ හා අල් දලායි මහතාගේ හමුව සිදුවිය.

එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමැතිවරයා රග්බි සංගමයේ කටයුතු අත්හිටුවමින් තාවකාලිකව පරිපාලන (ස්ථාවරකරණ) කමිටුවක් පත් කිරීමට ගත් තීරණය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ එම අවස්ථාවේදී ඒ හැරෙන්නට වෙනත් විකල්පයක් නොතිබුණු බවයි.

ශ්‍රී ලංකාවට මෙතෙක් පනවා තිබූ ජාත්‍යන්තර රග්බි තහනම ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව ඇමැතිවරයා එහිදී ආසියානු සංගම් සභාපතිවරයාට සිය කෘතඥතාව පළකර සිටියේය.

ශ්‍රී ලංකාවේ රග්බි පරිපාලනයේ පවතින වත්මන් අර්බුදයට පිළියමක් ලෙස ලබන අගෝස්තු මාසයට පෙර නිවැරදි ක්‍රමවේදයක් ඔස්සේ ශ්‍රී ලංකා රග්බි සංගමයේ නිලවරණය පවත්වා අවසන් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා ඩුබායි හමුවේදී ආසියානු සම්මේලන සභාපතිවරයාට පවසා සිටියේය.


අදහස් (0)

මැදිහත්වීම් කළේ ක්‍රීඩා පනතට අනුවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.