Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මිතාලි රාජ් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

මිතාලි රාජ් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

editorial - 2022 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රවීණ ක්‍රීඩිකා මිතාලි රාජ් වසර 23කට ආසන්න කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රිකට් දිවියකට තිත තබමින් ක්‍රීඩාවෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කර තිබු අතර ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා විට ඇය 40 වැනි වියෙහි පසුවුවාය.

”සියලු ගමන් මෙන්ම, මෙයද අවසන් විය යුතුයි. අද මම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා දිනයයි.” යයි මිතාලි රාජ් ට්විටර් සමාජ මාධ්‍යයේ සටහනක් යොදා තිබුණාය.

”කණ්ඩායමේ ඉතා දක්ෂ යොවුන් ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු සිටින නිසාත්, ඉන්දීය ක්‍රිකට් අනාගතය දීප්තිමත් වන නිසාත් මගේ ක්‍රීඩා දිවිය අවසන් කිරිමට හොඳම කාලය මෙය බව මට හැඟෙනවා.” යැයි ඇය වැඩිදුරටත් පවසා තිබුණී.

වසර 23 ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කරන විට ටෙස්ට් තරග 12 කදී ශතකයක් සහ අර්ධ ශතක 4ක් සමගින් ලකුණු 699ක් ලබා සිටි මිතාලි රාජ්, එක්දින තරග 232කදී ශතක 7 ක් සහ අර්ධ ශතක 64 ක් සමගින් ලකුණු 7805ක් ලබා තිබුණි. ලකුණු ලබාගැනීමේ සාමාන්‍ය 50කට වඩා වැඩියෙන් රඳවා ගැනීමට ඇය සමත්ව සිටියාය. විස්සයි20 තරග 89කදී අර්ධ ශතක 17 ක් සමගින් ලකුණු 2364ක් දෑබා සිටි මිතාලී රාජ් ඉනිමක ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව 97 කි.

කාන්තා ක්‍රිකට් වංශ කතාවේ වාර්තා රැසකට හිමිකම් කියනු ලබන මිතාලී රාජ් වයස 19 දී අඩුම වයසකින් ද්විත්ව ශතකයක් ලබාගත් ක්‍රීඩිකාව බවට පත්විය. එමෙන්ම කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ මේ වනවිට වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩිකාව වන්නේද මිතාලී රාජ්ය.

අවුරුදු 23 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩායේ නිරත වූ ඇය වැඩිම කාලයක් ක්‍රීඩාවේ නිරත වූ ක්‍රීඩිකාව ලෙසද වාර්තා පොත් අතරට එක්ව තිබේ. එමෙන්ම එක්දින තරග 155 කදී නායකත්වය දරා ඇති මිතාලී රාජ් වැඩිම තරගා සංඛ්‍යාවකට නායකත්වය ලබාදුන් ක්‍රීඩිකාව ලෙසද වාර්තා වන්නේය.

අයි.සී.සී කාන්තා එක්දින ක්‍රීඩිකාවන්ගේ පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල අංක 7 පිතිකාරිණිය ලෙස ඇය ක්‍රීඩාවෙන් සමුගන්නීය.

2005 වසරේ සිට 2012 දක්වා අඛණ්ඩව සිව් වතාවක් ආසියානු කුසලානය ඉන්දියාවටගෙන දීමට ඇය නායකත්වය දුන්නාය.

”වසර ගණනාවක් කණ්ඩායමට නායකත්වය දීමට ලැබීම ගෞරවයක්. එය නිසැකවම මාව සාර්ථක පුද්ගලයෙකු ලෙස හැඩගස්වා ඇති අතර ඉන්දීය කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවද හැඩගස්වා ගැනීමට එය උපකාරී වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.”

”ක්‍රීඩිකාවක ලෙස ගමන අවසන් වුවත් මම ආදරය කරන ක්‍රීඩාවට සම්බන්ධ වී ඉන්දියාවේ සහ ලොව පුරා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට දායක වීමට මා කැමතියි” යයි ඇය අවසන් වශයෙන පවසා තිබුණි.

- 2079


අදහස් (0)

මිතාලි රාජ් ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.