Last Update  :  2025-03-19 11:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුණවීරගේ තුන්ඉරියව් දස්කම් එච්.එන්.බී පිල දිනවයි

මුණවීරගේ තුන්ඉරියව් දස්කම් එච්.එන්.බී පිල දිනවයි

editorial - 2022 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(රොෂාන් ගුණරත්න)

ඩිල්ෂාන් මුණවීරගේ (77, 29/5) තුන් ඉරියව් දස්කම් හමුවේ හේලීස් පිලට එරෙහිව අද (5 වැනිදා) පැවැති වෙළඳසේවා සුපර් ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරගයකදී කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට හැටන් නැෂනල් බැංකු පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය හැටන් නැෂනල් බැංකු පිල ඕවර 22.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී පහසුවෙන් ඉලක්කය පසුකර ගියේය.

වේගවත් පිතිහරඹයක නිරත වූ ඩිල්ෂාන් මුණවීර පන්දු 48 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 77 ක් ලබාගැනීමට සමත්විය. දේශාන් ඩයස් ලකුණු 29 ක් සහ මාධව වර්ණපුර ලකුණු 25 ක් ලබාගනිමින් හැටන් නැෂනල් බැංකු පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට දායක වූහ.

ඩිල්රුවන් පෙරේරා ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳහෙළිය.

කාසියේ වාසිය දිනූ හැටන් නැෂනල් බැංකු පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් හේලීස් පිලට ඕවර 24.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.
ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත පන්දු 66 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 52 ක් ලබාගත් අතර මොහොමඩ් ශමාස් ලකුණු 25 ක් ලබාගත්තේය.

පන්දුවෙන් දස්කම් දැක්වූ ඩිල්ෂාන් මුණවීර ලකුණු 29 කට කඩුලු 5 ක් දවාගනිමින් හේලීස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්විය.


හේලීස් - ඕවර 24.4 කදී සියලුදෙනා දැවී 143
(රොන් චන්ද්‍රගුප්ත 52, මොහොමඩ් ශමාස් 25, ඩිල්ෂාන් මුණවීර 29/5, උස්මාන් ඉෂාක් 23/2)

හැටන් නැෂනල් බැංකුව - ඕවර 22.5 කදී කඩුලු 3 ක් දැවී 146
(දේශාන් ඩයස් 29, ඩිල්ෂාන් මුණවීර 77, මාධව වර්ණපුර 25, ඩිල්රුවන් පෙරේරා 17/2)

 


අදහස් (0)

මුණවීරගේ තුන්ඉරියව් දස්කම් එච්.එන්.බී පිල දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.