Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුම්බායි සමාජ ශාලාවකදී රයිනා අත්අඩංගුවට

මුම්බායි සමාජ ශාලාවකදී රයිනා අත්අඩංගුවට

editorial - 2020 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොවිඞ්-19 ආරක්‍ෂක නියමයන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මුම්බායි ගුවන්තොටුපල අසල මුම්බායි ඩ්‍රැගන්ෆ්ලයි සමාජ ශාලාවේදී කළ වැටලීමකින් පසු හිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා මුම්බායි පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. එම වැටලීම සිදුකරන අවස්ථාවේදී ගායක ගුරු රන්ධාවා සහ රිතික් රෝෂන්ගේ හිටපු බිරිඳ සූසෑන් ඛාන්ද එම සමාජ ශාලාවේහි සිටියහ.

මෙම සියලු දෙනාම පසුව ඇප මත නිදහස් කළ නමුත් කොවිඞ්-19 ආරක්‍ෂක නියමයන් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත.

මොවුන් තිදෙනාට අමතරට මෙම වැටලීමේදී මුම්බායි සමාජ ශාලාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු ඇතුළු 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අලුයම 3 ට පමණ මෙම අත්අඩංගුවට ගැනීම සිදුවී ඇත. ගායක ගුරු රන්ධාවා සහ ක්‍රිකට් ක්‍රීඩක සුරේෂ් රයිනා ද අත්අඩංගුවට ගෙන නඩු පැවරූ අය අතර සිටිති. පසුව විත්තිකරුවන් ඇප මත මුදා හැරි බවත් සහර් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේය.

අවසර ලත් කාල සීමාවෙන් ඔබ්බට ආයතනය විවෘතව තබා ගැනීම සහ කොවිඞ් -19 ආරක්‍ෂක නියමයන් අනුගමනය නොකිරීම හේතුවෙන් ඩ්‍රැගන්ෆ්ලයි සමාජ ශාලාවෙහි සිදු කළ වැටලීමකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර තිබේ.

ගුවන් ගමන් සඳහා තහංචි පැනවීම හැරුණු විට බි්‍රතාන්‍යයේ ව්‍යාප්ත වන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය පිළිබඳ වැඩිවෙමින් පවතින බිය හේතුවෙන් මහාරාෂ්ට්‍ර රජය විසින් නාගරික ප්‍රදේශවල රාත්‍රී ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. නව වසරට පෙර, මහාරාෂ්ට්‍ර රජය විසින් පූර්වෝපායික පියවරක් ලෙස ප්‍රාන්තයේ සහ විශේෂයෙන් මුම්බායි හි මහජන ක්‍රියාකාරකම් සඳහා සීමාවන් පැනවීය.


- 2079


අදහස් (0)

මුම්බායි සමාජ ශාලාවකදී රයිනා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.