Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාකිස්තානු සුපර් ලීග් (පී.එස්.එල්) හයවැනි තරගාවලියේ අවසන් තරගයට මුල්තාන් සුල්තාන් සහ පේෂාවර් සල්මි කණ්ඩායම් සුදුසුකම් ලබා ඇත. අවසන් මහා තරගය අබුඩායිහී ෂෙයික් සයීඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (24 වැනිදා) පැවැත්වීමට නියමිතව ඇත.
මෙම කණ්ඩායම් දෙක මෙවර තරගාවලියේදී දෙවරක් හමුවී ඇති අතර දෙපිළම තරගය බැගින් ජය ගෙන ඇත.
මුල්තාන් සුල්තාන් කණ්ඩායම පළමු වරට අවසන් මහා තරගයට පිවිස ඇති අතර පේෂාවර් සල්මි පිල මීට පෙර 2017 සිට 2019 දක්වා අවසන් මහා තරග 3 කට ක්‍රීඩා කර ඇත. 2017 වසරේදී ශූරතාව දිනාගෙන ඇති පේෂාවර් සල්මි පිල දෙවරක් අනුශූරයන් බවට පත්වී ඇත.
මුල්තාන් සුල්තාන් සහ පේෂාවර් සල්මි කණ්ඩායම් දෙකම අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ තරග වලදී ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල පරාජයට කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්වූහ.
ජයග්‍රාහණ අටක් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ පළමු සහ දෙවැනි තරගවලදී පරාජයට පත්විය. පසුගිය සඳුදා (21 වැනිදා) පැවති අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ පළමු තරගයේදී මුල්තාන් සුල්තාන් කණ්ඩායම හමුවේ ලකුණු 31 ක පරාජයක් අත්කරගත් ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල, අඟහරුවාදා (22 වැනිදා) සවස පැවැති අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ දෙවැනි තරගයේදී පේෂාවර් සල්මි පිල හමුවේ කඩුලු 8 ක පරාජයක් ලැබීය.
මාර්තු 4 වන දින කරච්චි නුවරදීතරඟාවලිය අත්හිටුවන විට මොහොමඩ් රිස්වාන්ගේ නායකත්වයෙන් යුත් මුල්තාන් සුල්තාන් කණ්ඩායම එක් තරඟයක් පමණක් ජයග්‍රහණය කරමින් පස්වන ස්ථානයට පත්ව සිටියේය. කෙසේ වෙතත්, අබුඩාබිහිදී ඔවුන්ගේ වාසනාවෙහි ඇදහිය නොහැකි වෙනසක් ඇති කරමින් ඔවුන් ඉස්ලාමාබාද් යුනයිටඩ් පිල එරෙහිව අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමේ තරගය ඇතුළත්ව තරග 6 කදී ජයග්‍රහණ 5 ක් ලබා ගනිමින් අවසන් මහා තරගයට පිවිසියේය.
මේ අතර, 2017 ශූරයන් වන පේෂාවර් සල්මි පිල පරාජිතයන් ඉවත් කිරීමේ අවස්ථාව වනතෙක් ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් සිටියේය.
වහබ් රියාස්ගේ නායකත්වයෙන් යුත් පේෂාවර් සල්මි පිල අබුඩාබිහිදී පැවැති තරග 5 න් 3 ක්ම පරාජයට පත්වූ නමුත් යහපත් ශුද්ධ ලකුණු වේගයක් පවත්වා ගැනීමට සමත් වීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්විය.
ඉස්ලාමාබාද් යුනයිටඩ් පිලට එරෙහිව ලබාගත් අතිවිශිෂ්ට ජයග්‍රහණයට පෙර පේෂාවර් සල්මි පිල විසින් පරාජිතයන් ඉවත් කිරීමේ තරගයේදී කරච්චි කිංග්ස් පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කළේය.
ජයග්‍රාහකයන්ට හිමිවන තරග මුදල්
ශුරතාවය - පාකිස්තානු රුපියල් මිලියන 75 ක්
අනුශූරතාවය - පාකිස්තානු රුපියල් මිලියන 30 ක්
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා - පාකිස්තානු රුපියල් මිලියන 3 ක්
හොඳම පිතිකරු - පාකිස්තානු රුපියල් ලක්ෂ 8 ක්
හොඳම පන්දු යවන්නා - පාකිස්තානු රුපියල් ලක්ෂ 8 ක්
හොඳම පන්දු රකින්නා - පාකිස්තානු රුපියල් ලක්ෂ 8 ක්
හොඳම කඩුලුරකින්නා - පාකිස්තානු රුපියල් ලක්ෂ 8 ක්
ජීවගුණය පවත්වා ගත් කණ්ඩායම - පාකිස්තානු රුපියල් මිලියන 3.2 ක්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.