Last Update  :  2025-03-17 11:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මුහුදු පිහිනුම් තරගාවලිය මාර්තු 3 - 4

මුහුදු පිහිනුම් තරගාවලිය මාර්තු 3 - 4

editorial - 2023 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම් .සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය 84 වැනි වරටත් සංවිධානය කරන ලබන සැතපුම් දෙකේ විවෘත මුහුදු පිහිනුම් තරගාවලිය මාර්තු මස 3 සහ 4 දෙදින ගල්කිස්ස හෝටලය පිටුපස වෙරළ තිරයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ පැරණිතම සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරගාවලියක් වන මෙම  තරගාවලිය විවෘත කාන්තා, පිරිමි සහ වයස 15න් පහල බාලක, බාලිකා වශයෙන් පැවැත්වේ.

විවෘත කාන්තා සහ වයස 15න් පහල බාලක ,බාලිකා තරගාවලි මාර්තු මස 3 වැනිදාද  විවෘත පිරිමි තරගය මාර්තු මස 4 වැනිදා ද පැවැත්වෙන බව සංවිධායකයෝ කියති .

මේ තරගාවලියට වයස 13 ට අඩු කිසිදු පිහිනුම් ක්‍රීඩක ,ක්‍රීඩිකාවකට  සහභාගිවිය නොහැකි බවද සංවිධායකයෝ කියති.

තරගාවලියේ විවෘත ශුරයා ,ශුරිය ලාබාලතම පිහිනුම් ක්‍රීඩකයා, ක්‍රීඩිකාව වයස්ගතම ක්‍රීඩකයා, ක්‍රීඩිකාව සමස්ත  කණ්ඩායම් කාන්තා ,පිරිමි  ශුරතාව මෙන්ම වයස 15න් පහල පිහිනුම් ශුරයා සහ ශුරිය ඔවුනට රන් රිදී සහ ලෝකඩ පදක්කම් පිරිනැමේ .

එමෙන්ම නියමිත කාලයට තරගය අවසන් කරන ක්‍රීඩක  ක්‍රීඩිකාවන්ට කුසලතා සහතික පත් පිරිනැමීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ජාතික ජල ක්‍රීඩා සංගමය කියයි.


අදහස් (0)

මුහුදු පිහිනුම් තරගාවලිය මාර්තු 3 - 4

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.