Last Update  :  2024-12-25 15:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මෙරොන් අවසන් පූර්ව වටයට ඇවිත් පරදී

මෙරොන් අවසන් පූර්ව වටයට ඇවිත් පරදී

editorial - 2024 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පේරු රාජ්‍යයේ ලීමා නුවරදී ආරම්භවූ ලෝක මලල ක්‍රීඩා (වයස 20 න් පහළ) තරගාවලියේදී ශ්‍රී ලංකා මීටර් 100 ක්‍රීඩක මෙරෝන් විජේසිංහ අවසන් පූර්ව වටය දක්වා පැමිණෙමින් පරාජයට පත් විය. එහිදී මීටර් 100 (පිරිමි) ඉසව්වේ සිවු වැනි මූලික තරගයට සභභාගි වෙමින් තත්පර 10.55 කට දෙවැනි තැනට පත් වෙමින් අවසන් පූර්ව වටයට තේරුණි.

 එහිදී අවසන් පූර්ව වටයේදී මෙරෝන්ගේ දක්ෂතා තත්පර 10.68 ක අවම අගයක් ගැනීම තුළ ඔහුට අවසන් තරගයේ අවස්ථාව අහිමි විය. කෙසේවූවත් තෙවැනි අවසන් පූර්ව තරගයේදී මෙරෝන් අත්කර ගත්තේ අට වැනි (අවසන්) ස්ථානයයි.

 එහි සමස්ත ප්‍රතිඵලයට අනුව මෙරෝන් අත්කර ගෙන තිබුණේ 22 වැනි ස්ථානයයි. මෙරොන් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයාද වන අතර, කොළඹ ආනන්ද විදුහලේ සිසුවෙකි.

 ඉසව්වට සභාභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන දිනෙත් ඉදුවර වීරරත්න හය වැනි මූලික වටයේදී තත්පර 10.72 කට පස් වැනි ස්ථානයට පත්වූයේ අවසන් පූර්ව වටයට නිර්දේශ ලබා ගැනීමට අපෝහෝසත් වෙමිනි. මූලික වටයේ සමස්ත ප්‍රතිඵල විශ්වලේෂණයට අනුව ඔහුට හිමි ස්ථානය වූයේ 43 වැනි ස්ථානයයි.

මේ අතර පෙරේදා ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රීයේදී තරග වැදුණු ශ්‍රී ලංකා දුර පැනීමේ ක්‍රීඩිකා මධුෂාණි හේරත්ද මූලික වටයෙන්ම පරාජයට පත් වූයේ ඇය තරග වැදුණු බී’ කාණ්ඩයේ ක්‍රීඩිකාවන් 12 දෙනා අතරින් අවසන් ස්ථානයට පත් වෙමිණි.

එහිදී මධුෂාණිගේ දක්ෂතා මීටර් 5.18 කට අවමවී තිබුණි. එහෙත් ඇය පේරු ලෝක ශූරතාවලියට නිර්දේශ ලැබුවේ මීටර් 6.20 ක දක්ෂතාවක් දක්වමිණි. පේරු ලෝක ශූරතා තරගාවලියේ පෙරේදා (28) දිනයේදී ශ්‍රී ලංකාව මීටර් 400 - කඩුලු - පිරිමි), උස පැනීම (පිරිමි), මීටර් 400 ( කාන්තා) හා තුන් පිම්ම (කාන්තා) යන ඉසව්හි මූලික තරග සඳහා සහභාගි වීමට නියමිතව තිබුණි.


අදහස් (0)

මෙරොන් අවසන් පූර්ව වටයට ඇවිත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.