Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මේ සුදුළුණු පොඩි කරන්නේ කාටද

මේ සුදුළුණු පොඩි කරන්නේ කාටද

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මෝටර් රථ තරගාවලියකට දිනයක් යොදා ගැනීම සඳහා ඡන්දයක් පැවැති බවක් මින් පෙර අවස්ථාවක් ගැන දැනගන්නට ලැබී නැතැයි ශ්‍රී ලංකා මෝටර් කී‍්‍රඩා රියදුරන්ගේ සංගමයේ සාමාජික ප‍්‍රවීණ මෝටර් රථ ධාවක වන උපුල්වන් සේරසිංහ මහතා පවසයි.  

නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය (2015) සම්බන්ධයෙන් උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී සේරසිංහ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු කියා සිටියේ නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය, කලින් යොදාගත් දින දෙකේදීම (අපේ‍්‍රල් 17 සහ 18) පැවැත්වීම සඳහා අනුමැතිය ලබාදෙන ලෙස ඉල්ලා මෝටර් රථ ධාවකයක් 50 කට වැඩි සංඛ්‍යාවකගේ අත්සන් සහිත ලිපියක් මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයේ සභාපති රොඞ්නි මේසන් මහතාට භාරදීමට තමන් අැතුළු පිරිසක් කටයුතු කළ බවයි.

එම ලිපියට තමා සමගින් අරවින්ද පේ‍්‍රමදාස, පසිඳු පීරිස්, දිනේෂ් සේනානායක, මිස්සක නවීන්, සජාඞ් සුහේර්, ඩිලාන් සෙනෙවිරත්න, ජනක ඩයස්, ඉශ්රාක් වහබ්, රිස්වි ෆාරුක්, යෝගා පෙරේරා සහ ඉන්දු සමරකෝන් වැනි ප‍්‍රමුඛ පෙළේ මෝටර් රථ තරගකරුවන් රැසක් අත්සන් තබා ඇති බවද ඔහු පවසා සිටියේය.  

නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය ලබන අපේ‍්‍රල් 17 සහ 18 දෙදින පැවැත්වීමට අනුමැතිය ලබානොදීමට තරම් හේතුවක් මෝටර් රථ කී‍්‍රඩා මවු සංගමයට නොමැති බව පවසන ඔහු ඊට හේතුව වශයෙන් පෙන්වා දෙන්නේ නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර ඇත්තේ සිකුරාදා (17) සහ සෙනෙසුරාදා (18) බවත්, නුවර එළිය මාර්ග මෝටර් රථ තරගාවලිය පැවැත්වීමට යෝජනා වී තිබුණේ සෙනෙසුරාදා (18) සහ ඉරිදා (19) යන දින වලදී බවත්ය.

මෙය අළුත් දෙයක් නොවන බවත් වසර ගණනාවක සිට මෙම තරගාවලි දෙක පැවැතියේ මේ ආකාරයට බවත් ඔහු පවසයි. නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය බොරළු සහිත ධාවන පථයක පැවැත්වෙන තරගාවලියක් වන අතර නුවර එළිය මාර්ග මෝටර් රථ තරගාවලිය තාර සහිත කෘත්‍රිම ධාවන පථයක පැවැත්වෙන තරගාවලියක් වන බැවින් මෙම තරගාවලි දෙකටම සහභාගී වන කී‍්‍රඩකයන් සිටින්නේ අල්ප පිරිසක් බවද සේරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.  

එම පිරිස වෙනුවෙන්ද හැකි උපරිම සාධාරණය ඉටුකිරීම සඳහා ඔවුන් සහභාගී වන තරග ඉසව් කලින් අවසන් කර ඔවුන්ටද නුවර එළිය මාර්ග මෝටර් රථ තරගාවලියට සහභාගී වීමට ඉඩකඩ සකසා දීමටද තම කී‍්‍රඩා සමාජය සූදානමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.

තරගාවලි දෙක සන්සන්දනය කිරීමේදී මෝටර් රථ කී‍්‍රඩා මව් සංගමයද වැඩි අවධානයක් යොමුකළ යුත්තේ තරගකරුවන්ගේ මෙන්ම නරඹන්නන්ගේද වැඩි අවධානය දිනාගන්නා නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලියට බව එහිදී සේරසිංහ මහතා පෙන්වා දුන්නේය.

”නුවර එළිය මාර්ග මෝටර් රථ තරගාවලියේදී එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ සුපිරි මෝටර් රථ (සිලින්ඩර ධාරිතාව 3500) සහ එස්. එල්. එච්. කාණ්ඩයේ මෝටර් රථ (සිලින්ඩර ධාරිතාව 1600) තරග පැවැත්වෙන්නේ නෑ. ඒ හින්දා අපිට ඒක ජාතික තරගාවලියක් විදිහට ගණන් ගන්න බෑ”

”ඒ වුනාට නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලියේදී ඒ තරග හැම එකක්ම පැවැත්වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒකට සහභාගී වෙන්න විදෙස් තරගකරුවන් පවා ලංකාවට එනවා. ඒ නිසා මම හිතන්නේ මෙතනදී බලධාරීන් නරියා කන්ද සුපර්ක්‍රොස් තරගාවලිය ගැන මීට වඩා වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ කියලයි” යයි සේරසිංහ මහතා කියා සිටියේය.


අදහස් (0)

මේ සුදුළුණු පොඩි කරන්නේ කාටද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.