Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවා ක්‍රිකට් තරගාවලියේ පළමු වැනි තරගයේදීම රජයේ මුද්‍රණාල කණ්ඩායම පරාජය කරමින් කඩුලු 6 ක විශිෂ්ට ජයක් ලබාගැනීමට මොරටුව මහ නගර සභා කණ්ඩායම සමත් විය. මෙම තරගය පසුගියදා මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
පළමුවෙන් පන්දුවට පහර දුන් රජයේ මුද්‍රණාල කණ්ඩායම ලකුණු 240 ක් ලබාගත් නමුත් මොරටුව මහ නගර සභා කණ්ඩායම ඕවර 8.4 ක් ඉතිරිව තිබියදී අපේක්‍ෂිත ඉලක්කය කරා අවතීර්ණ විය.
පන්දු 69 කින් ලකුණු 83 ක් ලබාගත් මොරටුව මහ නගර සභා කණ්ඩායමේ සම්පත් නන්දසිරිගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහරකින් සමන්විත විය.
රජයේ මුද්‍රණාලය - ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 240 යි
(ධම්මික රාජපක්‍ෂ 40, අචල ගුණතිලක 37, රසික හේවාවසම් 36, ධර්මසිරි ශ්‍රීකාන්ත 30, රෝෂක තරංග 49/2, රමේෂ් නිලේන්ද්‍ර 32/3, චානක ඩිල්ෂාන් 40/2)
මොරටුව මහ නගර සභාව - ඕවර 41.2 කදී කඩුලු 4 ට 243 යි
(සම්පත් නන්දසිරි 83, කසුන් අබේකෝන් 26, රෝෂික තරංග නොදැවී 68, නිමේෂ් කුමාර නොදැවී 26)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.