Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක මෝර්නි මෝකල් බිග් බෑෂ් 10 වැනි තරගාවලියේදී දේශීය ක්‍රීඩකයකු ලෙස බි්‍රස්බේන් හීට් සමඟින් එක්වී සිටී. 2018 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම යාමෙන් පසු ඕස්ටේ්‍රලියාවට සංක්‍රමණය වූ මෝකල් ඕස්ටේ්‍රලියාවේ ස්ථීර පදිංචිය ලබාගනීමත් සමගින් බිරිඳ රොස් කෙලී සහ දරුවන් දෙදෙනා සමඟින් සිඞ්නි හි වාසය කරයි.
ඕස්ටේ්‍රලියානු පුරවැසිභාවය ලබා ගැනීමට වසර පහක් පමණ ගත විය හැකි අතර, ස්ථිර පදිංචිය ලබා ගත හැකි නම්, බිග් බෑෂ් ලීගයේ මෝකල්ට දේශීය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩාකළ හැකි බව ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් වෙබ් අඩවියක් පසුගිය මාර්තු මාසයේදී වාර්තා කලේය. බිග් බෑෂ් නීතිරීතිවලට අනුව, ස්ථිර පදිංචිකරුවන්ට දේශීය ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීමට අනුමැතිය හිමිවනු ඇත.
ස්ථිර පදිංචිකරුවන්ට ඕස්ටේ්‍රලියාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබෙන නමුත් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජික රටක් නියෝජනය කිරීමට ඔවුන් සූදානම් නොවන බවට ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනය සහ ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය සෑහීමකට පත්විය යුතුය. පසුගිය තරගාවලියේදී විදේශීය ක්‍රීඩකයකු ලෙස පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම වෙනුවෙන් එක් තරඟයක් ක්‍රීඩා කර ඇති මෝකල් එතැන් සිට ස්ථිර පදිංචිය ලබා ගත් හෙයින් දේශීය ක්‍රීඩකයකු වශයෙන් බිග් බෑෂ් තරගාවලියට සුදුසුකම් ලබා සිටී.
බිග් බෑෂ් නීති රීති අනුව මේ වසරේ සිට එක කණ්ඩායමකට විදේශීය ක්‍රීඩකයින් තිදෙනෙකු එක්කර ගැනීමට අවස්ථාව හිමිවේ. ඒ අනුව බි්‍රස්බේන් හීට් පිලට මෝකල් හැර ඇෆ්ගනිස්ථානු ජාතික දඟ පන්දු යවන ක්‍රීඩක මුජීබ් උර් රහ්මාන්, එංගලන්ත ක්‍රීඩකයින් වන ටොම් බැන්ටන් සහ ලුවිස් ග්‍රෙගරි තෝරාගෙන ඇත.
“මාව දේශීයයෙකු ලෙස හැඳින්වීම තරමක් අසාමාන්‍ය දෙයක් කියලා මම පිළිගන්නවා. නමුත් අපිට මෙහි ජීවත්වීම හා වැඩ කිරීම සතුටක්. මේක අපේ ජීවිතයේ තවත් අංගයක්. මම එහි කොටසක් වීමට බලාපොරොත්තු වෙනවා” යැයි මෝකල් පැවසීය.
මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන මෝකල්, මේ වසර මුලදී සරේ පිල සමඟින් කෙටි කාලයක් එක්වී සිටියේය. එහිදී ඇතිවූ ආබාධයක් හේතුවෙන් වළලුකර සැත්කමකින් පසුව නැවත ක්‍රීඩාවට එක්වී ඇත.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් වසර 12 ක් පුරා සාර්ථක ක්‍රීඩා දිවියක් ගත කළ මෝකල් අන්තර්ජාතික කඩුලු 500 කට වැඩි ප්‍රමාණයක් ලබා ගෙන තිබේ. විස්සයි20 තරග 184 කදී කඩුලු 200 කට වඩා ලබා ගෙන ඇත.
“ඔහු සමඟ ක්‍රීඩා කළ හෝ පුහුණු කළ ඕනෑම අයෙකු ඔහු විශිෂ්ටයකු බව සතුටින් සහතික කරනවා,” යැයි බි්‍රස්බේන් හීට් පුහුණුකරු ඩැරන් ලීමන් මහතා පැවසීය.
-2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.