Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news යතුරු පැදි නිලධාරීහු 3 ක් ඉල්ලා අස්වෙති

යතුරු පැදි නිලධාරීහු 3 ක් ඉල්ලා අස්වෙති

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සම්මේලනයේ නිලවරණය පවත්වා සතියක් ගතවීමටත් පෙරාතුවම සම්මේලනයේ තනතුරු වලට පත් වූ නිලධාරීන්ගෙන් තිදෙනකු එම තනතුරු වලින් ඉල්ලා අස්වී තිබේ.

ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සම්මේලනයේ නිලවරණය කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් නොතකා පැවැත්වූ නිතිවිරෝධී නිලවරණයක් බවට චෝදනා එල්ල වීමත්, ඒ සම්බන්ධ ලිපි පුවත්පත් වල පළවීමත් නිසා සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙම නිලධාරීහු කියති.

ඒ අනුව සම්මේලනයේ ලේකම් රමල් පතිරත්න, උප සභාපති මනෝ සිල්වා සහ භාණ්ඩාගාරික සෙනරත් පෙරේරා යන මහත්වරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතා වෙත යොමුකර තිබේ.

කී‍්‍රඩා අමාත්‍යංශයේ නීති රෙගුලාසි වලට පටහැනිව කටයුතු කිරීමට නොහැකි නිසා මෙලෙස තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත්, යම් හෙයකින් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිලවරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නේ නම් ඒ සඳහා සහය දක්වන බවත් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි වල සඳහන් වේ.

මොවුන් තිදෙනාම අදාළ තනතුරු සඳහා නිතරගයෙන් පත් වූ අතර ඡන්දයකින් සභාපති ධූරය සඳහා තේරී පත් වූ ටී. රඝුනාදන් මහතා සහ නිතරගයෙන් පත්වූ අනෙක් උප සභාපති වරයා වන චාමිකර පිලපිටිය මහතා මහතා පමණක් මේ වන විට සම්මේලනයේ විධායක සභාව නියෝජනය කරති.

සභාපති ධූරය සඳහා පැවැති ඡන්දයෙන් අරවින්ද මිරැන්ඩෝ (ඡන්ද 21) මහතා වැඩි ඡන්ද 5 කින් පරාජය කළ ටී. රඝුනාදන් මහතා (ඡන්ද 26) ද මීට පෙර වසර 4 කට වැඩි කාලයක් සම්මේලනයේ තනතුරු දරා තිබීම නිසා ඔහුගේ පත්වීම නිතිවිරෝධී බවට විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල වී තිබේ.

මෙම නිලධාරීන්ගේ ඉල්ලා අස්වීමෙන් පසුව සභාපතිවරයාට සහ එක් උප සහභාපතිවරයෙකුට පමණක් තනිවම සම්මේලනයේ ඉදිරි කටයුතු කරගෙන යෑමට නොහැකි නිසා එම තනතුරු වලට නව නිලධාරීන් පත්කර ගැනීමට හෝ ඔවුන්ද ඉල්ලා අස්වී නැවතත් නිලවරණයක් පැවැත්වීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

‘ලංකාදීප’ කළ විමසුමකදී කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසා සිටියේ විවිධ පාර්ශවයන්ගෙන් විරෝධතා එල්ල වී තිබීම නිසා මෙම නිලවරණය සහ එහිදී තනතුරු වලට නිලධාරීන් පත්වීම සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

 


අදහස් (0)

යතුරු පැදි නිලධාරීහු 3 ක් ඉල්ලා අස්වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.