Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
තනතුරෙන් ඉවත් කිරීම සඳහා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කර සිටින අතර, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පෙරේදා (31) සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ, තේනුක විදානගමගේ හා රොෂාන් රණසිංහ යන ක්‍රීඩා ඇමැතිවරුන් සිව් දෙනකු යටතේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන රේඛීය දෙපාර්තමේන්තුව වන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස සේවය කළ ඔහු වසර 2020 පෙබරවාරි 19 වැනිදා වැඩ බාර ගත්තේය.
සිය ඉල්ලා අස්වීම පිළිබඳව ‘ලංකාදීප’ය කළ විමසුමකදී අදහස් දැක්වූ එදිරිසූරිය මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කිරීමේදී වගකිව යුතු නිලධාරියකු ලෙස තමා රටේ පවතින ක්‍රීඩා නීතියට මුල් තැන දෙමින් වඩාත් මධ්‍යස්ථව කටයුතු කිරීමට උනන්දු වූ බව පැවැසීය.
සිය සේවා කාලය තුළදී ජාතික ක්‍රීඩා පනතට අනුකූල නොවන ආකාරයෙන් හැසිරුණු ජාතික ක්‍රීඩා සංගම් හතක් තහනමට ලක් කිරීමට ද තමා එහිදී කටයුතු කළ බව ඔහු පැවැසීය.
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව ගිය අමල් එදිරිසූරිය මහතා, මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත කර තිබේ. ඔහු නීතිඥවරයෙකි. හිස් වූ තනතුරේ වැඩ බැලීම සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු වන අනුර මුතුමාල මහතා පත්කර තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.