Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ප‍්‍රීමා සමාගමේ අනුග‍්‍රහයෙන් ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය 13 වැනි වරටත් සංවිධානය කළ විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ බාලක ශූරතාව දිනාගැනිමට නවක ක‍්‍රීඩක යනික් කුමාර සමත් විය. එහි බාලිකා ශූරතාව දිනාගනු ලැබුවේ නව යොවුන් ක‍්‍රීඩිකා කායා දළුවත්ත විසිනි.
දින 2 ක් පුරා කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ ගොල්ෆ් පිටියේදී පැවැති මෙම තරගාවලියේදී වට 3 පිළිවෙලින් පහර 68 කින්, 69 කින් සහ 69 කින් නිමාකරමින් යනික් බාලක ශූරතාවට හිමිකම් කීවේය.
එහිදී වට 3 පිළිවෙලින් පහර 72 කින්, 73 කින් සහ 71 කින් නිමා කළ නිරේක් තේජ්වානි බාලක අනු ශූරතාව හිමිකර ගත්තේය. කේ. ධනුෂාන් තෙවැනි ස්ථානය හිමිකර ගත්තේ වට 3 පහර 71 කින්, 70 කින් සහ 77 කින් නිමාවට පත් කරමිනි.
කායා දළුවත්ත බාලිකා ශූරතාව හිමිකර ගත්තේ පහර 74 කින්, 72 කින් සහ 77 කින් වට 3 නිමා කරමිනි. ශෙරින් බාලසූරිය පහර 78 කින්, 82 කින් සහ 79 කින් වට 3 නිමා කරමින් බාලිකා අනු ශූරතාව හිමිකරගත් අතර තෙවැනි ස්ථානයට පත්වූ දෙවින්කා කනගීස්වරන් පහර 90 කින්, 90 කින් සහ 89 කින් වට 3 නිමා කළාය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.